IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බීමතින් අපුර නගරයේ සිටි සිසුවියට සහ සිසුන් දෙදෙනාට ඇප

(උපාලි ආනන්ද)

බීමත්ව අනුරාධපුර නව බස් නැවතුම්පල ආසන්නයේ කුම්බිච්චන්කුලම වැව අසල අහෝබන ලෙස හැසිරෙමින් සිටි බව කියන අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක සහ සිසුන් තිදෙනකු වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය

සැකකාර සිසුවියගේ සහ සිසුන් තිදෙනාගේ මව්පියන් 2023 වසරේ අප්‍රේල් මස 3 වන දින අධිකරණය හමවුට කැඳවන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා සැකකාර සිසුවියට සහ සිසුන් තිදෙනාට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරනු කළේය.

මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවියක සහ සිසුන් තිදෙනෙකි

සැකකාර පාසල් සිසුවියට සහ සිසුන් තිදෙනාට පොලිසිය වෙන් වෙන් වශයෙන් කියවා දුන් පසුව බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝබන ලෙස හැසිරුනු බවට තමන්ට එරෙහිව පෙලිසිය නගන චෝදනාවට තමන් වරද පිළි ගන්නා බව සැකකාර සිසුවිය පමණක් නීතිඥ සංජය රත්නායක මහතා මගින් අධිකරණයට පැවසුවාය.

බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසුරුනු බවට පොලිසිය තමන්ට එරෙහිව නගන චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව සෙසු සැකකාර සිසුන් තිදෙනා නීතිඥ දුලානි කවීෂා මෙනවිය මගින් අධිකරණයට දැනුම් දුන්නේය

සැකකාර සිසුවිය සහ සිසුන් තිදෙනා  අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළ පසුව සැකකාර සිසුවිය සහ සිසුන් තිදෙනා බීමත්ව සිටින බවට අදාළ වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කර ඇති බවට සනාථ කෙරෙන වෛද්‍ය පරික්ෂණ වාර්තාද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය

 



අදහස් (3)

බීමතින් අපුර නගරයේ සිටි සිසුවියට සහ සිසුන් දෙදෙනාට ඇප

Santhu Monday, 05 September 2022 11:09 AM

මොන අදහස්ද, අසරන මා පියන් රවටන වනචර එවුන් ගැන

:       4       15

MALAVIYA Monday, 05 September 2022 11:10 AM

"යෞවනයේ පොපියන ශෘංගාරය"

:       4       8

Sharm warn Tuesday, 06 September 2022 06:59 AM

වයස 18ට වැඩිනම් පාසල් සිසුන් වුණත් ඔවුන් වැඩිහිටියන් ලෙස ගණන් ගැනෙනවා. මෙහිදී ඔවුන් පලකළ අශෝභන හැසිරීම් විග්‍රහ කර නැතිනිසා කියන තරම් අශෝභන දේවල් සිදුවුණාද කියලා අපිට කියන්න බෑ. නමුත් ලංකාවේ නීතියෙන් කාන්තාවන්ට මත්පැන් පානයට අවසර නැති අතර මිලට ගැනීමත් කාන්තාවකට මත්පැන් විකිණීමත් තහනම්. තරුණියට වරද පිළිගන්න සිදුවුනේ ඒ නිසයි කියලා මම හිතනවා.. නමුත් ඇත්තටම මේක අහස පොළව නූහුලන අපරාධයක් ද කියන තරමට ප්‍රසිද්ධියක් ලබාදෙන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site