IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බන්ධනාගාරවල රැදවියෝ එකට එකක් වැඩිවෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රැඳවියන් 11762 ක් පමණක් රැදවිය හැකි රටපුරා බන්ධනාගාරවල රැඳවියන්  26791 ක් රඳවා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  ලේකම් වසන්තා පෙරේරා මහත්මිය රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසුවාය.

බන්ධනාගාරවල තදබදය සියයට 250 කින් ඉහළ ගොස් ඇතැයිද ඇය සඳහන් කළාය.

ඇතැම් බන්ධනාගාර වල තදබදය සියයට 300කින් 400 කින් ඉහළ ගොස් ඇතැයි  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති  රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය  (09) වැනිදා   රැස්විය. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන්  17502 ක් රිමාන්ඩ් සිරුකරුවන් බවත් ඒ අතර  10470ක්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් බවත්  මෙහිදී  තොරතුරු අනාවරණය විය.

එසේම වැරදිකරුවන් බවට අධිකරණයෙන් නියමවූ පුද්ගලයන් 9289 ක් සිටින බව පැවසූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා  ඉන් 3569ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් බවද  සඳහන් කළේය.

මේ අතර දඩ මුදල් ගෙවා ගත නොහැකි  1309 ක්ද බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර ප්‍රධානීහු පැවසූහ.

දඩමුදල් ගෙවාගත නොහැකි පිරිස්  වෙසක් පොසොන් වැනි අවස්ථාවලදී විශේෂ සමාව යටතේ නිදහස් කළද නැවත කෙටිකලක් තුළ වැරදිකරුවන් ලෙස බන්ධනාගාරගතවීම විශාල ගැටලුවක් බව  අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා මෙහිදී පැවසීය.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බවද මෙහිදී තොරතුරු අනාවරණයවිය. මේ අනුව නව මධ්‍යස්ථාන නවයක  පුනරුත්ථාපන කටයුතු සිදුවන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මෙම තත්වය පාලනය සදහා අවශ්‍ය යෝජනා සහ සැලසුම් කඩිනමින් සකස් කර  ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට නිර්දේශ කළේය.

බන්ධනාගාරයන්හි  පුද්ගල ශරීර පරීක්ෂාව  කරන සහ භාණ්ඩ මලු පරීක්ෂා කරන  යන්ත්‍ර 11කින් 4ක් ක්‍රියා විරහිත බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.මෙම  යන්ත්‍ර වසර 10කට වැඩි කාලයක් පැරණි බැවින් අලුත්වැඩියාවට යන වියදම දෙස බැලීමේදී  නව යන්ත්‍ර මිලදී ගැනීම ලාබදායී බව නිලධාරීහු පෙන්වා දුන්හ.

මේ අනුව සියලු බන්ධනාගාරවලට අදාළව අවශ්‍ය යන්ත්‍ර පිළිබදව සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස කෝපා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.  

මේ අතර රසපරීක්ෂක වාර්තා පමාවිීම පිළිබදවද කමිටුවේ දී සාකච්ඡා කෙරිණ. මෙහිදී රජයේ රස පරීක්ෂිකා දීපිකා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ විද්‍යාත්මක නිලධාරීන් පිරිසක් විදේශගතවීම නිසා පුරප්පාඩු 25ක් ඇතිවී තිබෙන බවයි.

එසේම 2021, 2022 වසරවල සාමාන්‍යයෙන් මසකට ලබා දිය යුතු වාර්තා ප්‍රමාණය 1200-1500 ලෙස පැවතුණු  අතර  මේ වසරේ මසකට 2500 කට වැඩි වාර්තා ප්‍රමාණයක් නිකුත් කිරීමට ඇතැයි ඇය සඳහන් කළාය.

ඉන් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සිද්ධින් බව  සෙනෙවිරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. අවශ්‍ය සේවක සංඛ්‍යාව සම්පූර්ණ කර මෙම කටයුතු විශේෂ කාර්යක් සේ සලකා කඩිනමින් ඉටුකරන ලෙස කමිටුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන  ඩයනා ගමගේ සහ    ප්‍රසන්න රණවීර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  අශෝක් අබේසිංහ,  නිරෝෂන් පෙරේරා,  විමලවීර දිසානායක,  ජයන්ත කැටගොඩ,  මංජුලා දිසානායක,  සහන් ප්‍රදීප් විතාන,  ඉසුරු දොඩන්ගොඩ,  මුදිතා ප්‍රශාන්ති සොයිසා යන මහත්ම මහත්මීහුද කමිටුවේ අවසරය මත  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතාද සහභාගී වූහ.



අදහස් (2)

බන්ධනාගාරවල රැදවියෝ එකට එකක් වැඩිවෙලා

fairoos Wednesday, 14 June 2023 06:33 PM

හැමදාම මිනීමැරුම්, කොල්ලකෑම්... රටක් විදිහට හොඳටම දැන් පිරිහිලා. මේ කාලකණ්ණි ආණ්ඩුවත් වගකියන්න ඕනෑ මේවට...

:       0       4

ගමේ එකාලා Wednesday, 14 June 2023 07:45 PM

රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරපු කැළෑ නීතිය රජකරවපු දූෂිත පවුල් පාලනේ අය තමයි රට මේ තත්වෙට පත් කෙරුවේ. මහ දවාලේ සුදු වෑන් ඝාතන අතුරුදහන් කරවපු දූෂිත පවුල් පාලනේ බලලෝබි පාලකයෝ සදහටම බලයේ ඉන්න ගේම් ගැහැව්වා. රටේ අනිකුත් ප්‍රශ්න ඔවුන්ට වැදගත් වුනේ නැහැ. කුඩු මුදලාලිලා රජ වෙලා, මැරයෝ, පාතාලකාරයින්, ස්ත්‍රී දූෂකයින් , අපරාධ කාරයින් වැඩිවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site