
(යොහාන් භාසුර)
බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත් රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 7 කින් සහ දර්ශන පථයකින් සමන්විත වන අතර සියලුම වීඩියෝ පටිගත වන බවත් දින අවසානයේ සමස්ත විඩියෝවේ පිටපතක් ගන්නා බවත් බන්ධනාගාර බස් රථ රියදුරෙක් පැවසීය.
කැමරා සවිකිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්‍ෂාවට වඩාත් ප්‍රයෝජනවත් බවත් කැමරා පද්ධතිය බන්ධනාගාරයේ සිට නිරීක්‍ෂණය කිරීමේ හැකිව ද තිබීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා කිරීමේ අවස්ථාව ද අඩු වන බවත් එම රියදුරා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට කොයිතරම් වියදමක්ද? සමාජයට වැරැදි කරන අය නඩත්තු කරන්න සමාජයම වියදම් කරනවා. මොවුන්ගෙන් වැඩ ගත යුතුයි. විශාල ගොවිපලවල් ආරම්භ කර ආරක්ෂාව යටතේ රැඳවියන් යොදාගන්න පුළුවන්... ඔවුන්ගේ මනසටත් හොඳයි. ඇඟටත් හොඳයි. රටටත් බරක් නෑ.