(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැලිගම නගරයේදී නගරයේ දී ලංගම බස් රථයක් තුළ සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ට වෙඩි තැබීමට උත්සාහ කර යකඩ පොලු වලින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන තිදෙනෙකු රහස් පොලීසියේ මනුෂ්‍ය ඝාතනසංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 , 23 සහ30හැවිරිදි වියේ පසු වන වැලිගම ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති. අත්අඩංගුවට ගත් සැකකාර තිස් හැවිරිදි පුද්ගලයා ඇඟලුම් කම්හල් සේවකයෙක් බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
සැකකරුවන් පරිහරණය කළ ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් ද රහස් පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප මත නිදහස් වෙලා ගෙදර යාවි.
මෙවැනි දේවල්වලට සම්බන්ධ වෙන්නේ කිසිම විනයක් නැති, පවුකාර වැඩවලින් සහ අපරාධවලින් සල්ලි හම්බකරගෙන කන පවුල්වල උදවියයි. ඔවුන්ගේ දෙමව්පියන්ගේ නරක ආදර්ශ, සහ සමහර භාර්යාවන්ගේ දිරිගැන්වීම් තමයි මේවට මුල...