නිමන්ති රණසිංහ
බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය යන අයට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (01) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මෙම සැකකරු ඊයේ (31) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
"මෝඩාභිමානය" නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ දර්ශනයට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති සැකකාර නතාශා එදිරිසූරිය යන අයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට මෙම සැකකරු කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධ දර්ශනයට අපහාස කරන්නේ මේ ගෑනු මිනිස්සු නෙමෙයි සිංහල බෞද්ධයෝ වන අපිමයි .මේ ප්‍රශ්න අපි ආමන්ත්‍රනය කරන්න ඕන අර්ථයෙන් සහ ධර්මයෙන් මිසක් හිංසාවෙන් නෙමෙයි .බුදුන් වහන්සේ චිංචි මානවිකාවන්ට ,අම්බපාලිට ,ආලවකට ,බක පණ්ඩිතයාට කොහොමද සැලකුවේ ?අපිට ඒ ආදර්ශය ගන්න බැරි මොකද ?
අනේ අපේ සමහර මිනිස්සුන්ට මේක ජවනිකාවක් කියලා තේරුම් ගන්න බැරිකම ගැන හිතෙද්දී ඇඬෙනවා..
දැන් ඉතිං "භාෂණයේ නිදහස" බෝඩ් ලෑල්ල උස්සා ගත් ජවිපාවුන්, ඊළාම්වාදීන්, එන්ජීඕ කප්පිත්තන්, සජබයේ බෝන් අගේන් කල්ලිය ඇතුලු සිංහල බොදුනුවන්ට එරෙහි සියල්ල අපට දැක ගත හැකි වනු ඇත.
ඔක බ්‍රෘනො නෙමෙයි. ගූනො
පොහොට්ටුවෙ කාලකණ්නින්ට දැන් සැපද එහෙනම් ?
රට බේරගන්න අවසාන අවස්ථාවක් අපිට ළඟදීම ලැබෙයි වගේ... අනේ අපේ රටේ පිපෙන්න ඉන්න පොහොට්ටු කුමාරයාට ජයවේවා..! අපේ රටට පොහොට්ටු කුමාරයන්ගේ පිහිටයි. ආරක්ෂාවයි.
කාලකණ්ණි, එලොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පන්ට ආතල් එකක් ගන්න ප්‍රවෘත්තියක් මැවිලා...