IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


බදුල්ලට මහනුවරට ජයිකා ආධාර

(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙමින් ජපාන රජය විසින් පරිත්‍යාග කරන ලද හදිසි සහන ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වෙත නිල වශයෙන් බාර දී ඇත. 

 මෙම සහනාධාර තොගය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio ISOMATA

මහතා සහ JICA ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත Kenji KURONUMA යන මහත්වරු  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර  සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවෙගොඩ (විශ්‍රාමික) යන මහත්වරුන්ට බාර දුන්හ.

ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස හානි වූ ප්‍රදේශවල අවතැන් වූ පවුල්වලට සහාය වීමට සහ ඔවුන්ගේ මූලික ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය මානුෂීය ද්‍රව්‍ය රැසක් මීට ඇතුළත් අතර කූඩාරම් 200 ක්, බ්ලැන්කට් 1,200 ක්, නිදන මෙට්ට 1,200 ක්, ප්ලාස්ටික් ආවරණ (ටාපෝලින්) 20 ක්, රැගෙන යා හැකි ජල බහාලුම් (ජෙරි කෑන්) 200 ක් සහ ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් ඒ අතර වේ.‍

බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල විපතට පත් වූ ජනතාව වෙනුවෙන් මෙම ද්‍රව්‍ය බෙදා හැරීමට නියමිතය.

 



අදහස් (2)

බදුල්ලට මහනුවරට ජයිකා ආධාර

කුඩුමල් Thursday, 04 December 2025 05:34 PM

හිටපු අය පගා ඉල්ලලා ලංකාව දාලා ගිය රටවල්, ආයතන නැවත ලංකාවට එනවා. රහස කුමක්ද?

:       0       7

වින්සන්ට් කජ්ජා Thursday, 04 December 2025 06:16 PM

රහස අවංක පාලකයන්. විරුද්ධවාදීන්ට මේක තේරුම්ගන්න බැහැ, නැත්තම් දැන දැනම තේරුම්ගත්තේ නෑ වගේ ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site