
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ නිවසකදී අද (31) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමකින් දෙදරු මවක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවත් , වෙඩිපහර තුනක් පමණ එල්ලවී ඇති බවත් පොලිසිය කීය .මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් සැමියා සැකකරයි.
33 හැවිරිදි දෙදරු මවක වන තුවාලකාරිය ගැබිනියක බවද රෝහල් ප්‍රකාශයෙක් පැවසීය .
ඇගේ වම් අතට වෙඩිපහර වැදී ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු පැමිණි මෝටර් රථය තුළ තිබි අත්බෝම්බයක් ද, කෙටේරියක් සොයා ගත් බවත්, සැකකරු මෝටර්රථය රථය සහ වෙඩිතැබිම ට යොදා ගත් ගල්කටස් වර්ගයේ ගිනිඅවිය සමඟ පොලිසිය බාරයට ගත් බවද පොලිසිය පවසයි .

2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ලේ වෙඩි තැබීමක් : මවක් රෝහලේ