IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බදුල්ලේ පාරවල් අදත් වැසෙයි

(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල් )

විශාල නාය යාමක් සක්‍රිය වීම හේතුවෙන් අද (8) කොස්ලන්ද කැලිපාණාවල අස්වැද්දුම ගමේ පදිංචි පවුල් විසි හයක් පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ ජේ .ප්‍රියංගිකා මහත්මිය කීවාය.

කොස්ලන්ද කැලිපානාවෙල වසමේ අස්වැද්දුම ගම්මානයට ඉහළින් අක්කර පහළොවකට අධික භූමියක් අස්ථාවර වී නාය යාම සක්‍රිය වී ඇති බවද ප්‍රදේශීය ලේකම් මහත්මිය කීවාය.

ඉවත් කළ පවුල් අද දින තාවකාලිකව ඥාති නිවෙස් වලට යොමු කර තිබේ.

මෙම නායයාම සම්බන්ධ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ .ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

​පවතින අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම බෙහෙවින් ඉහළ යාම නිසා උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම අද (08) අට දින රාත්‍රී විවෘත කළ බව ජලාශ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.

මේ අතර මේ හේතුවෙන් රටලවෙල , තෙල්දෙණියාව, අළුයටවෙල, දිවුලපැලස්ස යන ප්‍රදේශවලට සුළු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය ස්ථානයෙන් විශාල ගසක් කඩාවැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවත් පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් බිබිල ලුණුගල මාර්ගය අද අට (08) සවස නැවතත් වසා දැමූ බව ත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසීය.

පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ බිබිල ලුණුගල මාර්ගය අද උදෑසන සිට ගමනාගමනය සඳහා විවෘත කර තිබුණද නැවත සවස වසා තැබීමට පියවර ගෙන ඇත.

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ හාලිඇල තිස්පස් වැනි කිලෝ මීටර කණුව අසල මාර්ගයේ කොටසක් නායාම හේතුවෙන් ගමනාගමනය තනි මන්තීරුවකට සීමා වී තිබේ.

එම නාය ගිය ස්ථානයේ දැවැන්ත ගසක් අධිබලැති විදුලි රැහැන් මතට කඩා වැටී තිබෙන අතර මාර්ගයේ නාය ගිය කොටස බදුලු ඔය දක්වාම ගලා ගොස් ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.



අදහස් (0)

බදුල්ලේ පාරවල් අදත් වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site