(යොහාන් භාසුර)
බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (6) පස්වරුවේ පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද, අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතු බව ද එම ප්‍රදේශවල ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිහිපත් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බදුල්ල - ගාල්ල - කළුතර තව දුරටත් නායයෑමේ අවදානම