( සමන් පාලිත නානායක්කාර)
නාය යාම හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්ව අවහිර වී වැසී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකම අද( 19 ) විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
ඊයේ( 18) රාත්‍රී නවයට පමණ ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ විසි එක්වෙනි කිලෝමීටර් කනුව ආසන්න කොටුගහතැන්න ප්‍රදේශයට දැවැන්ත ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.
එම ස්ථානය බැකෝ යන්ත්‍ර යොදා පිළසකර කර ගැනීමට හැකි වූ බවද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
මේ අතර රාත්‍රී කාලයේ වසා දැමෙන ඇල්ල කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ මාර්ගයද මේ වන විට විවෘත කළ බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විශේෂ නිර්දේශයන්ට යටත්ව ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය මලිතගොල්ල හරහා යාමට යලි විවෘත කර ඇති බව බදුල්ල ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.
තද වැසි පවතින අවස්ථාවලදී තාවකාලික ව මාර්ගය වසා තැබීම, අනෙකුත් අවස්ථාවවලදී අනතුරු ඇඟවීමට මාර්ගයේ සංඥාකරුවන් යොදවා රථ වාහන ධාවනය කිරීමට සැලැස්වීම, රාත්‍රී කාලයේදී විදුලි පහන් සවිකර අනතුරු දායක ස්ථානය ආලෝකමත් කිරීම යන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයට යටත්ව මෙම මාර්ගය විවෘත කළ බවද ඒ මහතා පැවසීය.
එම ප්‍රදේශයේ වැසි තත්ත්වය අඩුවීමත් සමඟ රොම්මඩ ගලා ඒම මේවන විට තරමක් අඩුවී ඇති බැවින් සහ තිබූ රොම්මඩ ඉවත් කර මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් මහතා පැවසීය.
හල්දුම්මුල්ල හපුතලේ හාලිඇල හා බදුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටද මේ වන විට නිකුත් කර ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ලේ අවහිර වී තිබූ ප්‍රධාන මාර්ග දෙකම විවෘත කරයි