(විජේරත්න රත්නායක)
බදුල්ල දිස්ත්‍රික්කය ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක් ලෙස 2024 ජනවාරි පළමු වැනිදා සිට නම් කෙරෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.
ඒ යටතේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවලින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සේවා ලබාදීමට හැකියාව ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා කියයි.
බදුල්ල දිස්ත්‍රික්කය සිංහල දමිළ හා මුස්ලිම් ජාතිකයන් ඇතුළු විවිධ ප්‍රජාවන් සහිත දිස්ත්‍රික්කයක් වන අතර ඔවුන් සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා භාවිතා කරන බව ද ඔහු කීය.
තමන් භාවිතා කරන භාෂාවෙන් සේවාවන් ලබාගැනීමේ හිමිකම සෑම පුරවැසියකුටම ඇති බැවින් මෙම පියවර ගත් බවත් සඳහන් කරන දිස්ත්‍රික් ලේකම්වරයා, මේ වන විටත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 11 ක්ම ද්විභාෂා කොට්ඨාස ලෙස කටයුතු කරන බවද සඳහන් කළේය.
ඒ් අනුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඌව පළාත් සභාව යටතේ ඇති සියළු ආයතන, බදුල්ල ශික්ෂණ රෝහල, පොලිසිය හා ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇතුළු ආයතනයන්හි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුල්ලේ සුද්දොත් ඉන්නවා කියලා දැනුයි දන්නේ...!
ඉතාමත් කාලෝචිත සහ අතිශයින් අගනා සේවාවක්.. එමෙන්ම රාජ්‍ය ආයතනවල සෑම දැන්වීමක්ම, පුවරුවක්ම භාෂා තුනෙන්ම ඵලකරන්න.