
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී අද (9) පස්වරුවේ පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මෙම සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම මෙසේ පිලීපැනීමට ලක්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය .
මේ නිසාවෙන් කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වන ටිකිරි මැණිකේ දුම්රිය දැනට උලපනේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති. , පිලිපැනීමට ලක්වූ දුම්රිය පිලීගත කිරිමේ කටයුතු ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කලේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd