
(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට අද (17) අලුයම හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
රාත්‍රි තැපැල් දුම්රිය අද (17) අලුයම මෙසේ හපුතලේ දුම්රිය ස්ථානය පසුකර දියතලාව දුම්රිය ස්ථානය දෙසට ධාවනය වෙමින් තිබියදී සැතපුම් 156/13 කණුව අසලදී එක්වරම කදු මුදුනේ තිබූ විශාල ගල්පර්වතයක් ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට වැටී ඇති අතර ඒ සමගම දුම්රියේ ඉදිරි එන්ජිම දුම්රිය මාර්ගයට කඩා වැටුන ගල්පර්වත මත සිරවී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .
මින් කිසිවකුට තුවාලයක් සිදු වී නොමැති අතර දුම්රිය මාර්ගයට සහ දුම්රිය එන්ජිමට අලාභහානි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
දුම්රිය එන්ජින් දෙකක් සමඟ ධාවනය වන කොළඹ බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියේ ඉදිරි එන්ජිම මෙසේ ගල්පර්වත තුළ සිරවී ඇති අතර ඊට පසුපස අමුණා තිබූ දුම්රිය එන්ජිම මගින් රාත්‍රි තැපැල් දුම්රියේ මැදිරි සියල්ල යලි හපුතලේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර මේ වන විට රාත්‍රි තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා එහි සිටි දුම්රිය මගීන්ට බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා දුන් බවද දුම්රිය බළධාරීන් පැවසූහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියහම දේවදත්තලා බුදුන්ගේ කාලේ විතරක් නෙවි අදත් ඉන්නවා.
කඩාකප්පල් වැඩක් ,වංචාවක් සුදු වෙලා
ගල් වැටෙනකොට නවත්වන කෝච්චිය... අලි පිට අලි පීලි උඩ හිටියත් නවතින්නේ නෑ.