
(තිස්ස කොටින්කඩුව)
බුදු දහමට අගෞරව අන්මට සකසා විදේශීය රටකින් මෙරටට ආනයනය කරණ ලද බුදුරුව කෙටු කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර 20 ක් අද දහවල ජාඇල නගරයේ ප්‍රධාන තැපල් කන්තෝරුව ඉදිරිපිටදී සැක කරුවකු සමග අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
බුදු දහමට අගෞරව අන්දමින් සකසා රිදී වර්ණ ගන්වා තිබු මෙම කොණ්ඩා කපන මැෂින් යන්ත්‍ර ගැනුම් කරුවකුට අළෙවි කිරීමේ බලා පොරොත්තුවෙන් අදාල ස්ථානයේ රැදී සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි වියේ පසුවන තැපැල් පෙටිටිය පාර, නැදගම,කොටුගොඩ යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ මෙන්න බුද්ධාගම අනතුරේ ....... බේරගන්න නැමොල කුමාරය වරෝ .......
මේ භාණ්ඩ මෙරටට පැමිණ ඇත්තේ රේගුව හරහායි.එසේ නම් ඒ ආයතනවල අය මුලින්ම රාජකාරි පැහැර හැර ඇති බව පැහැදිලියි .ඊට අමතරව ඔය බුදුරුව සටහන්ව තිබූ පමණින් බුදුදහමට හෝ එහි හරයන්ට කිසිම හානියක් වන්නේ නැති බව මෙරට සිටින කුලප්පු වෙන බෞද්ධයන් අවබෝධ කර ගත යුතුයි.ඔය සියළුම භාණ්ඩ නිපදවන්නේ අදටත් බුදු දහම ප්‍රචලිතව ඇති රටක් වන චීනයේ වන අතර එහි ඇති මහායාන සම්ප්‍රදායන් අනුව එහි වරදක් නැත.ලංකාවෙ බුදු රුව හා එම දහම විකුණමින් ජාවාරම් කරන භික්ෂූන් හා අනෙකුත් අය කරන අපරාධ තරම් මෙය වරදක් නොවේ...
ආයිමත් රට ජාතිය ආගම බේරා ගන්න අවසාන අවස්ථාවක් එන බවක් නම් පෙනෙන්නට තිබේ.
කෝ අර පූර්ණ කස්සප පරම්පරාවේ අකිරීයවාදීන් ටික? මුකුත් කියන්න, නැත්නම් උගත්කම පෙන්නන්න බැරි වෙයි.
මේක නිශ්පාදනය කරලා තියෙන්නෙ වෙන රටක. මොකක්ද මේකෙන් බුදු දහමට වෙන අගෞරවය.
එතකොට කැළණියෙන් බුදු දහමට කරපු අපහාසයට ?
පූජා සත්කාර කළ යුතු, නමස්කාර කළ යුතු ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය සියලු භාණ්ඩවල තිබුණහොත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ වටිනාකම මිනිසුන් විසින් පහත් කර සලකන්නට පටන්ගනී. තවත් දීර්ඝ කාලයක් ගොස් මිනිසුන් එයට පුරුදුවූ විට සියල්ල දන්නා බුදුවරයෙක් පහත් කොට සැලකීමෙන් මනසින් පාප කර්ම රැස් කරගෙන මිනිසුන් අපායේ උපදිති. සත්‍ය වශයෙන්ම ගෞරවනීය චේතනාවකින් මෙබඳු භාණ්ඩ පරිහරණය කළ නොහැක. එසේ කළ හැක්කේ බුදුරජාණන් වහන්සේට ගෞරව නොකරන අන්‍යාගමිකයින්ට පමණි.
පොලිසියේ නිලධාරී ධර්ම චක්‍රය නිල ඇඳුමේ ගහගෙන, පගාව ගහන එක මිනිස්සුන්ට අඩම්තේට්ටම් කරන එක බුදුදහමට කරන අගෞරවයක් නොවේද? එහෙම නම් බස්වල, ලොරිවල බුද්ධ රූප ගහගෙන යනඑකත් වැරැදියි නේද? සිවුර ඇඳන් බිස්නස් කරන හාමුදුරුවරුත් බුදුදහමට අගෞරව කරනවා නේද?