(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වෑන් රථයක ඉදිරිපස බුදුපිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වා දී රියදුරු බලපත්‍රය ලබාගෙන ඊට එරෙහිව දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට පෙට්‍රල් ලීටරයක් මාවතගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාදකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින්ඉ ල්ලා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්සමාජ මාධ්‍යයේ තොරතුරු සංසරණය වෙමින් පවතී.
මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන පුද්ගලයා විසින් ඔහුගේ නමද සඳහන් කර මේබව සමාජ මාධ්‍යට මුදා හැර ඇත.
ඉකුත් දාහත් වෙනිදා මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ සිටසිය දරුවන්ද සමඟ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීමට ගොස් ආපසු එමින් සිටි අතරවාරයේ මෙම පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන් විසින් නතර කළ බව එම පුද්ගලයා සමාජ මාධ්‍ය පළ කළ ඇති තොරතුරු වල සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමයි. මේ වාහනේ එයා බෑග් තියෙනවා නම් ඒ උඩ බුදු පිළිමයක් නෙවෙයි වෙන දෙයක් වුනත් තියන් යන එකේ අවදානමක් තියෙනවා. ඒත් මේ ඉන්ධන කතාව?
අපි උතුම් ජාතියක් කියන්නේ බොරුවටද?
අපේ සමහර මහලොකු සිංහල බෞද්ධයින්ට තියෙන තදබල මානසික රෝගයක් තමයි තමන් බෞද්ධයෙක් කියලා පිටස්තරයාට රඟපෙන්වීම... බුදු පිළිමය ඩෑෂ් බෝඩ් එකේ තියාගෙන රිය පදවන්නේ දේවදත්ත වගේ.., මේවා බහුබූත. උතුම් බුදු දහම කියන්නේ මොහොතකම පුහුණු කළයුතු දර්ශනයක්. අපේ අය නොකරන එකම දෙයත් ඕකම තමයි. එහෙම නොවුණා නම් මේ පොලිස් උන්නැහේලත් ඔය කැත වැඩේ කරන්නේ නැහැ...
වෑන් රථයක් නොවෙයි ත්‍රීරෝද රථයක්
රජය කියලා ඇති පුළුවන් තරම් දඩ ගසා ආදායම එකතු කරගන්න කියලා ඒත් පෙට්‍රල් වලින් දඩ ගැසීම කවදා සිට පටන් ගත්තාද කියා දන්නේ නැත. පොලිස් කාරයාගේ නොම්මරේත් පලකරා නම් තමයි හොඳ....!
පොලිසියේ සමහරක් ඔයවගේ බලු වැඩ කරනවා මම කියන්නේ බුදුපිළිමයක් තියාගෙන ගිහින් දඩ කෑවා නම් ඕකුන් වසලයෝ