(ආණමඩුව හිරාන් ප්‍රියංක ජයසිංහ)

පුත්තලම කල්අඩිය කලාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා පවසයි.

තිල්අඩිය දෙවන හරස් විදිය හා තුන්වන හරස් විදිය පදිංචිකරුවන්ට අදාල ජන්ද පත්‍රිකා බෙදා නොදි වෙළද සැලකට ලබා දීම සම්බන්ධව විශේෂ පරික්ෂණයක් මේ වන විට ආරම්භ වී තිබේ.

කෙසේ නමුත් නිළ ජන්ද පත්‍රිකාවක් කිසිදු ලෙසකින් වෙනත් අයකුට ලබා දිය නොහැකි බව මැතිවර්ණ නීති වල දැඩි ලෙස සදහන් කර තිබියදී මෙලෙස වෙළද සැලකට ජන්ද පත්‍රිකා අන්සතු කිරීම බරපතල වරදකි බව තැපැල් කාර්යාල ප්‍රකාශකයෙක් කීය.මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා අදාල ජන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට කටයුතු කළ කල බව පුත්තලම තැපැල් ස්ථානධිපතිවරයා පැවැසීය.