
(සුජිත් හේවාජුලිගේ)
බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයිති වාහන දෙකක් වර්ෂ දෙකකට වැඩි කාලයක සිට ධාවනය නොකර ගාල්කර පැවතුන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර අමාත්‍යාංශය පාවිච්චි කළ වාහන තුනක අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබූ බවද එහි දැක්වේ.
තවද අමාත්‍යාංශයේ බුද්ධ ශාසන අංශයට අයත් වාහන සංචිතයේ සියලුම වාහන වාහනවල රාජ්‍ය ලාංඡනය යොදා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරයක් වන ආගමික කටයුතු නංවාලීම සඳහා වෙන්කරන ලද රුපියල් කෝටි දෙකකට වැඩි මුදලින් අපේක්ෂිත අරමුණු වෙනුවෙන් වැය කර තිබුණේ රුපියල් ලක්ෂ හැටකට වැඩි මුදලක් පමණක් බව එහි දැක්වේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 31කි.
මේ තොරතුරු සඳහන්ව ඇත්තේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පහුගිය කාලේ බුද්ධශාසන අමාත්‍යතුමාවත්, අමාත්‍යාංශයත් හරියට වැඩක් කරනවා නම් දැක්කේ නෑ තමයි. අපේ රටට හෙනගහලා තියෙන්නේ පක්ෂ දේශපාලනයේ අන්තයටම ගිහින් ඉන්නවා මදිවට මනාප පොරයකුත් දාපු එක. තමන්ගේ ඡන්ද ගන්න පුළුවන් සෙල්ලම් දාන එක ගැන හිතනවා සහ තමන්ගේ පක්ෂයේ බලය රැකීම මිසක් ඇමැතිලාවත් මන්ත්‍රිලාවත් වැඩි දෙනෙක් රට ගැන හිතලා වැඩ කරන්නේත් නෑ. අර කලින් කියපු කාරණා නිසා එහෙම රටේ සහ රජයේ වගකීම් ගැන හොයන්නවත් ඔවුන්ට වැඩි වෙලාවක් නෑ. ඒ වගේ දේවල් නිසා උඩින් වැඩක් නොකෙරෙනකොට යටත් වැඩ හරියට නෑ. මොන ආණ්ඩුවක් ආවත් මේ ගති සුද්ද කරන්න නම් අමාරු වෙයි.
රන්ජන් අතහැර ගමන නැවැත්වූ වාහන දෙකක් වෙන්න ඕනෑ...