
(නිමල් ජයරත්න )
මැද පෙරදිග යුද වාතාවරණය ආරම්භ වීමත් සමඟ 2024 ඔක්තෝබර් මාසය ආසන්නය වනවිට, ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් ශ්‍රි ලංකාවටත් යම් තර්ජනයක් ඇති විය හැකි බවට බුද්ධි අංශවලට ලද තොරතුරු අනුව පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක කවුන්සලයෙන් ගත් තීරණය මත ශ්‍රී ලංකාවේ විදේශීය කණ්ඩායම්වලටත් යම් ප්‍රහාරයක් ඇති වේ යැයි කියන සැකය අනුව විශේෂ ස්ථාන සඳහා ආරක්ෂාව තරකර කිරීමට කටයුතු කර ඇති බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වික්‍රමසූරිය මහතා අද( 23 ) පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
ඒ අනුව ඊයේ දිනයේ ආරක්ෂක කවුන්සලය රැස් වී අදාළ සියලු ස්ථානයට ආරක්ෂාව සපයා ඇති අතර 23 වෙනිදා උදෑසන ද ආරක්ෂක කවුන් ජලය රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරමින් ලංකාවේ ආරක්ෂාව සැපයීමට කටයුතු කළ බව වික්‍රමසූරිය මහතා මෙහිදී කීවේය.
ඒ අනුව විදේශිකයන් සංචාරය කරන, පුද, පූජා පවත්වන ස්ථාන සඳහාද විශේෂ ආරක්‍ෂාවක් සපයා ඇති බවද වික්‍රමසූරිය මහතා මෙහිදී කිවේය. ශ්‍රි ලංකාවේ සියලු විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඔවුන් ඒ අනුව සෑහීමකට පත්ව ඇති බවද වික්‍රමසූරිය මහතා පැවසීය,
මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බවත්, ඔවුන් ද ඊට ප්‍රතිචාර දක්වමින් අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් සපයාගෙන ඇති බවද ප්‍රියන්ත වීරසූරිය මහතා මෙහිදී කීවේය.
අපේ රටේ ඉන්න විදේශිකයන්ට මෙන්ම සංචාරකයන්ට කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි රට තුළ රැඳී සිටීමට වැඩපිළිවෙළ සකසා තිබෙනවා ඒ වගේම ඔවුන් දැනුවත් කරලා තියෙනවා,ගුවන් තොටුපොළ හා ගුවන් තොටුපොළ අවට සහ ඒ සඳහා පැමිණෙන ස්ථානවලට විශේෂ ආරක්ෂාවකුත් අපි සපයලා තිබෙනවා. ජනාධිපතිතුමාගේත්, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම්තුමාගේ සහ,ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් පරිදි සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් අප මේ සම්බන්ධව දැනුවත් බිම් මට්ටම දක්වාම ආරක්ෂක වැඩපිළිවෙලක් සකසලා මහජනතාවගේ ආරක්ෂක සපයන්න සියලු කටයුතුයි සකසලා තියෙනවා යනුවෙන්ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපතිතුමනි, මේ රටේ සිටින සියලුම විදේශ හමුදා භටයින් වහාම මේ රටෙන් ඉවත්කරන්න. රනිල් වික්‍රමසිංහ කියන නරුමයා අවසර දුන්නා ආරුගම්බේ ප්‍රදේශයේ ඇති ඊශ්‍රායල් හමුදා භටයින්ගේ මානසික සුවයට පිහිටුවා ඇති ස්ථානයේ සිටින වෙස්වලාගත් සියලුම ඊශ්‍රායල් හමුදාභටයින් රටෙන් පිටකරන්න. වහාම රනිල් වික්‍රමසිංහව අත්‍අඩන්ගුවට ගෙන මේ ගැන ප්‍රශ්න කරන්න ආරක්ෂක අංශවලට අණ කරන්න...
මොකටද ඊස්‍රායලේ මිනිස්සු අයින් කරන්නේ? ඔවුන් මෙහේ බින්න බැහැගත්තේ නෑනේ. මෙන්න මේ එලවන්න කතාකරන අයව පරීක්ෂා කරලා බලන්න ජනාධිපතිතුමනි, ඔවුන් තමයි ඔය ප්‍රහාරේ එල්ල කරන්නත් සූදානම් වෙනවා ඇත්තේ...!
ඔය විජිත් කියන නමින් ඉන්නේ වෙන කෙනෙක්.
ලංකාවේ ඉන්න සමහර කාලකන්නි ඊශ්‍රායල් වල ඉතිහාසය දන්නේ නැහැ
මේ ඔක්කොම ඊශ්‍රායලයට ඇමරිකාවේ සහයෝගය තියෙන නිසා. පොඩ්ඩක් දකුණේ මිනිස්සුන්ගෙන් අහල බලන්න මේ ඊශ්‍රායල් ජාතිකයෝ ඇවිත් එහෙ කරන්නේ මොනවද කියල. සංචාරක වීස වලින් ඇවිත් ස්නබිස් කරනවා. ඒගොල්ලොන්ගේ වෙනම තැන හදාගෙන ඒවාට කාටවත් යන්න බැහැ. NPP එකත් සුද්දට දෙකට නැමෙනවා හොඳට.