(අනීෂා මානගේ)
පටු දේශපාලන වුවමනාවන් ඉටු කරන්නට බුද්ධි අංශ ඔත්තුකරුවන්ගේ ලැයිස්තු ඉල්ලීම සම්පූර්ණයෙන් වැරැදි බවද දේශපාලන වුවමනාවන් ඉටු කිරීමට යෑමේදී සිදුවන්නේ රටෙහි ජාතික ආරක්ෂාවේ ගැටළු ඇති වන බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ ඊයේ (30) පස්වරුවේ තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
“ඔත්තු සොයන්න නම් සංවිධාන ඇතුළට ඇතුළු වෙන්න ඕනෑ. ඒක ඕනෑම රජයක්, පොලිසියත් කරන දෙයක්. මේ සංවිධානය හැදෙනකොටම කණ්ඩායම් ඇතුළු කරලා තිබුණා අපේ බුද්ධි අංශවලින්. ඒ අයට ලබාගන්න තොරතුරකට ඔත්තුකරුවාට මාසෙකට මුදලක් ගෙවන්න සිදුවුණා. ඒක අල්ලගෙන අද ඒ ලැයිස්තු ඉල්ලනවා. චෝදනා ඉදිරිපත් කරලා මේ අයගේ පටු දේශපාලන වුවමනාව ඉටු කරන්න, මඩ ගහන්න ඕනෑකමට මේ අය ඒවා හෙළිදරව් කරන්න ප්‍රශ්න කරමින් ඉන්නවා. මෙය සම්පූර්ණයෙන් වැරැදියි. ඔත්තු සේවයක් හෝ යම් රහස්‍ය භාවයක් තිබෙන යම් දේවල් පිළිබදව කතා කරන්න ඕනෑ මුළු රටත් එක්ක නෙවෙයි. වගකීමෙන් යුක්තව ඒ පරීක්ෂණ කරන්න ඕනෑ. ආවට ගියාට මඩ ගහන්න, කාටහරි ඉලක්ක කරගෙන දේශපාලන වුවමනාව ඉටු කරන්න ගිහිල්ලා මේ රටේ ජාතික ආරක්ෂාවටයි ගැටළු ඇතිවෙන්නේ. එය දැන් කෙරීගෙන යනවා. මේ දේවල් ගැන රට තුළ අවධානය යොමු විය යුතුයි.
බෝම්බ පිපිරෙන්න කලින් රටේ තිබුණු තත්ත්වයත් බෝම්බය පිපිරුණාට පසුව තිබෙන තත්ත්වයත් ශෝචනීයයි. මේ පිළිබදව තොරතුරු ආණ්ඩුවට කලින් ලැබිලා. අපිට දැනගන්න තිබෙන්නේ හතරවැනිදා ලැබුණා කියලායි. එදා සාක්ෂිවලින් කියවෙනවා ලැබුණේ නව වැනිදා කියලායි. එහෙම නව වැනිදා ලැබිලාත් දවස් දොළහක් විතර කිසිම දෙයක් සාකච්ඡා කර නොමැති බව සාක්ෂිවලින් ඔප්පු වෙමින් පවතිනවා. හාර හාර අවුස්සනවා සංවිධානයකට සල්ලි දුන්නද? ඒ සංවිධානයේ ඇතුළේ සමහර අයට සල්ලි ගෙවුවද? කියලා. ඒ නිලධාරියා කියනවා ඔව්, එහෙම දේවල් සිදුවෙනවා. හැබැයි මම කැමැති නැහැ එවැනි දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න. පෞද්ගලිකව කතා කළොත් හොඳයි මේ වගේ දේවල් කියලා කිව්වා.
මොකක්ද මේ කරන්න හදන්නේ. මිලේනියම් සිටි ප්‍රශ්නය ආපු වෙලාවේ නම් හෙළිදරව් කළායින් පසුව එල්ටීටීඊ ඇවිත් එකින් එක ඒ අයව මරලා දැම්මා. ඒ සංවිධානයේ හිටපු අපේ ක්‍රියාකාරී හමුදාවේ ගණනාවක් මරලා දැම්මා. එක්කෙනෙක් යන්තම් පණ බේරගත්තා ලංකාවෙන් පිටට ගිහිල්ලා.
මේ කාලය ඉතාමත් පරිස්සම් විය යුතුව තිබෙනවා. අද අපිට කියනවා දැන් ඔක්කොම හරි, 99%ක්ම හරි කියලා. හැබැයි 1%ක් තිබෙනවා. අපිට ඔය 1% ගැන තමයි ප්‍රශ්නය තිබෙන්නේ“ යැයිද ඒ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට හොරකම හැරෙන්න රටේ ආරක්ෂාව ඇතිකිරීමේ හැකියාවක් නැත. මේගොල්ලෝ දන්නවා ඊළඟ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබනබව. දැන් හදන්නේ යනයකා කොරහ බිඳගෙන යන්නයි. අලිමංකඩ පාමංකඩ නොදන්නා ආරක්ෂක කියන විදිහට හිටගෙන ඉඳගෙන ඉන්න මෙගොයියෝ ආරක්ෂක බුද්ධි ප්රදානින් ගෙනල්ල අහන ප්‍රශ්න නිසා අපේ බුද්ධි නිලදාරීන් අනතුරේ නේද? තමන් සාක්කි දෙනකොට බොරු කියලා දැන් බුද්ධි නිලදාරීන් ගෙන් සාක්කි විමසීම ලෝක විහිළුවක් නේද?
මෙයාලා මේ මොකටද එන්නේ කියලා රටටම දැන් පැහැදිලියි.. අනේ මහත්තුරුනේ හැම දෙයක්ම.. ඡන්ද වාසි වලට හරවන්න එපා.. එ්කෙන් රටට වෙන හානිය මිලකළ නොහැකිය...!!!
බුද්ධි අංශ විතරක් නෙමේ. වැරදි වැඩකරන සැමගේ ලිස්ට් එක ගන්න ඕනෑ. මතකයිනේ, ෆයිල් හංගන්න ගිහින් රජකමත් නැතිවුණා. බොරුවට වීදියක් ගානේ කතා පැතුරුවට තමන් හොඳයි කියලා පෙන්නුවට. මේ සේරම වැරදියි... තමනුත් කෙරුවා... නැවත බලයට එන්න ඉඩ තියන්නේ නැහැ. මේ අනුකම්පාව, බලය ගත්තම නැහැ. විරුද්ධ පක්ෂ තමයි පෙන්වන්නේ ජනතාවට කරන කෙනිහිලි... ඔය නඩේට රට දෙනවා කියන්නේ අයි.එස්.එස්. ලාට දුන්නා කියන එක තමයි..
කාවින්ද, බීලද ඉන්නේ? දැන්වත් ඔය පක්ෂයට කඩේ යනඑක නවත්වලා මෙයා කියන එක සිහිබුද්ධියෙන් අහනවා. 30 අවුරුදු යුද්ධය ඉවර කරලා අත්දැකීම් තියන මහින්ද මහත්තයා කියන්නේ බුද්ධි අංශ තොරතුරු හෙළි කිරීම වැරදියි කියලා, ඔය ඇරෙන්න රටේ ඉන්න බහුතරයක් කියන්නෙත් බුද්ධි අංශ තොරතුරු ඔයාගේ ඔය පක්ෂේ ඉන්න "මහා බැකුව" හොරාකාපු හොරුන්ට දෙන්න එපා කියලයි. රෙද්ද දැක්ක ගමන්ම කපලා මහලා ඇඳගන්න හදිස්සි වෙන්න එපා. "පක්ෂ" භක්තියෙන් නැතුව බුද්ධියෙන් හිතන්න පුරුදු වෙන්න..