(යොහාන් භාසුර) සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය. බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත් නඩු පවරා ඇති බවත් හිග බදු මුදල් පසුගිය වසරේ ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් දහය අතරින් 'ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පසුගිය දෙසැම්බර් වන විට හිග බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවද සුරාබදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හීන් දාඩිය දාලා සුළුදිය පහවෙලා ඇත්තෙ ඒ සමාගම් වලට.
කියව කියව ඉන්නේ නැතුව බල පත්‍ර කැන්සල් කරල බදු මුදල් අය කරගැනීමට නඩු පවරන්න. ඔයාලා ඔය තනතුරට පත් කලේ ඒ කටය්. කව්රුන් හෝ බදු මුදල් අයකරගන්න එපා කියනවා ඒබව ජනතාවට කියන්න
කියක් අරගත්තාද දන්නෙ නෑ කඩිනමින් ගෙවන ලෙස දැනුම් දීලා තව ටික කාලයක් ලබාදෙන්න.
අනේ පවු.. ඒ බබාගෙ හිත් රිද්දන්න නැතුව හීන් සීරුවෙ බදු අය කරගන්න.. ඊලඟ ඡන්දෙදි වියදම් කරන්න සල්ලි එකතු කරලා තියන්න එපැයි.. බදු ගෙවනවා වගේද ඒක..
බොරු රඟපෑමක් කපුටා කතා කරලා පින් ජනාධිපතිට කියනවා එතකොට ඕකා අයින් කරනවා .පිනාව ජනාධිපති කෙරෙව්වේ ඕවට තමයි (බදියුදීන් කැලෑවේ ගස් හිටවලා ඉවරද දන්නේ නෑ )