(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිඟ සුරා බදු වාරික පසුගිය 4 වැනිදාට පෙර නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන්නැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සුරා බදු දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එසේම එකතු කළ හැකි රුපියල් කෝටි 17,300 ක බදු මුදල් අය කරගැනීමටත් තිරිඟු පිටි සහ සීනි ආනයනයේදී අනිසි ලෙස ලාභ උපයාගත් පාර්ශවවලින් නියමිත බදු අය කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් එම කමිටුව නිර්දේශ කර ඇත.
මේ අතර කෝටි දහයක් හෝ ඊට වැඩි හිඟ බදු පවතින ගෙවන්නන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතත් මේ දක්වාම එය ලබා නොදීම පිළිබඳව කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලා හොරකම් ඉගෙන ගන්නේ ලේකම්ගෙන්... ලේකම් ඉගෙන ගන්නේ ඔඩිටගෙන්... ඔඩිට චීෆ් ක්ලාක්ගෙන්... චීෆ් ක්ලාක් ක්ලාක්ගෙන්... ක්ලාක් කාකාසගෙන්.... අන්තිමට රාජ්‍ය සේවය තමයි හොඳටම කරලා තියෙන්නේ... (දේශීය වියදම් අමාත්‍යාංශය) විතරයි බලන් යද්දි නැත්තේ...!
කරන්න පුලුවන්නම්...!
බලපත්‍ර අහෝසි කලොත් අයවිය යුතු බදු මුදල් අහෝසි වෙනවාද? දෙපළ වෙන්දේසි කර බදු මුදල් අයකර ගන්න බැරිද? නැවත ඔවුන්ට වෙනත් නම් වලින් මේ කර්මාන්තයට එන්න බැරිද? දන්න කෙනෙක් පිළිතුරු දෙන්න.
ඉතා හොඳයි.. පේනවා නේද ඉහළ රජයේ නිලධාරීන්ගේ මාෆියාව..? හොරුන්ටම සපෝට් කරගෙන ඉන්නවා.