
(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා බදු පනත් පහක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ අනුව 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත, 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත, 2100 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත, 1988 අංක 40 දරණ ඔට්ටු හා සූදා බදු පනත, 2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යන බදු පනත් සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.
බදු සහන ලබාදීමට පෙර එනම් 2019 ට පෙර තිබූ තත්වය යළි ඇතිකිරීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ලිහිල් බදු ප්‍රතිපත්තියක් 2019 වසරේදී හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩුකිරීමටත්, එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය ගනු ලැබූ තීරණය හේතුවෙන රාජ්‍ය ආදායම සැලකිය ලෙස අඩු වූ බවද ගුණවර්ධන මහතා පැවසීය.
එබැවින් ඉහත බදු පනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටු මහා ආර්ථික විශේෂඥයෝ අවුරුදු දෙකෙන් රට බංකොලොත් කළා
2100 අංක 21 පනත ??????
ඉතාම අසාධාරණයි . තලන්නේ පහලම හා පහළ මධ්‍යම ආදයම් ලාභීන් මිසක් ඉහළ අදායම පැලැන්තිය නෙමෙයි, මේ කාලකන්ණි. පාසල් යන ළමයි තුන්දෙනෙක් ඉන්න, බ්රිඳ රැකියාවක් නොකරන, වයසක් අම්මා තාත්තා ගෙදර ඉන්න රුපියල් ලක්ෂයක් මාසෙට හම්බවෙන මිනිහෙකුට මේ විදිහට බදු දැම්මාහම වෙන්නේ හිඟාකන්න .