ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.,
පසුගිය සතියේ සිට මෙම දින 14 කාලය ක්‍රියාත්මක වේ.
මෙවැනි දැවැන්ත හිඟ මුදලක් කෙටි කාලයක් තුළදී අය කර ගැනීම සඳහා මේ හැර වෙන විකල්පයක් නොමැති බවත් මෙය යථාර්තවාදී නොවන බවට ඇතැමකුට තර්ක කළ හැකි බවත් සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
සුරාබදු දෙපාර්තමේන්තුවට එම මුදල අය නොකර ගැනීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන හමුවේ මෙම තීරණය ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
රුපියල් බිලියන 6.2 ක හිඟ බදු මුදලින් රුපියල් බිලියන 2.5 ක මුදලක් හිඟ බදු මුදල් බවත් ඉතිරි රුපියල් බිලියන 3.8 ක මුදල ඒ සඳහා ප්‍රමාද ගාස්තු බවත් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
ප්‍රධාන සමාගම් 9 ගෙවීමට ඇති මෙම හිඟ බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු 1997 වසර දක්වා වසර 26 ක කාලයක් දිව යන බවත් ඇතැම් සමාගම් පසුගිය වසර කිහිපයක සිට බදු ගෙවීම පැහැර හැර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
97 ඉඳලා සේවය කරපු සුරාබදු නිලධාරීන්ගෙනුත් කීයක්හරි අයකර ගමු...
මෙහෙම වෙන්නේ දෙපාර්තමේන්තු වරදින් කියලා පැහැදිලි වුණත් එම ආයතන අයිතිකාරයෝ දේශපාලුවො වුණොත් නිලධාරින් අනාථයින් වෙනවා... ඉතින් අයකරන්න අමාරුයි. අවුරුදු විසිහයක් වෙනතුරුම බලාසිටි නිලධාරින්ට අකාර්යක්ෂමතාවය හා අනවධානය යටතේ දඬුවම් දියයුතුයි. ඒ සමග එම කාලවල ඔය කටයුතුවලට වගකිවයුතු ඇමැතිවරුත් වැරදි කරුවන් වෙනවා. කොහොම වුණත් ලංකාවේ එහෙම වැරැදි කරන කිසිවෙකුට දඬුවමක් දෙන්න ක්‍රමයක් ක්‍රියාත්මක නැහැ. ඔය කරන්න හදන්නේ අතීසාරයට අමුඩ ගැහීමක් විතරයි... එහෙම කරලා වැඩක් නැහැ... ගෙවීම් කරන්නේ නැත්නම් එම දේපළ පවරාගෙන වෙන්දේසි කරන්න කියලා කියන්නත් ඕනෑද?
වංචාව පිරි සුරාබදු ජනතාවට විහිළුවකි
ඔය සුරාබදු එක වහලා ගෙදර පලයල්ලා... නුඹලා පින්පඩි ගන්නවා මදිවට පගා ගන්නවා.