(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධාරීන් නිවැරදි පරිදි බදු එකතු කර ගන්නේ නැතිව මගහරිනවා නම් ඊට විරුද්ධව නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පැවසීය.
ආදායම් බදු එකතු කරගන්න ෆයිල් දාහක් ගෙන බැලුවොත් ඒ දාහටම උපදෙස් දෙන වරලත් ගණකාධිකාරී ආයතන 27 තිබෙන බව කී මාරසිංහ මහතා මෙලෙස රාජ්‍ය ආදායමට වැට බඳින ආයතන විසි හතේ නිලධාරීන් ගැන මාධ්‍යවේදීන් ද සොයා බැලිය යුතු බව පැවසීය.
බදු හංගන ආකාරය , ලාභ නොපෙන්වා සිටින ආකාරය පිළිබඳ උපදෙස් දෙන්නේ මේ ආයතන විසිහත විසින් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ යැයිද ආශු මාරසිංහ මහතා කීය.
බදු අදායම් ලබා ගැනීමේ ආයතන වන රේගුව, අදායම් බදු, සුරාබදු දෙපාර්තමේන්තු මගින් බදු අදායම රැස් කර ගැනීමේ හැකියාව වර්ධනය වී තිබෙන බවද මාරසිංහ මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්ට කිඹුහුම් යන එක වැඩි වුණා නේද?
ටැක්ස් වැඩියෙන් ගැහුවාම මේ වගේ ආයතන, බදු හොරු, මගඩි තවත් වැඩි වෙනවා. වක්‍රව හොරකම්, වංචා, අල්ලස් , මංකොල්ල තවත් වටයකින් නගිනවා...
ඔන්න එහෙනම් අහගන්න. Hardware කාරයෝ බොහොමයක් 95% මුද්‍රිත බිල් නිකුත් කරන්නේ නැත. තුණ්ඩු කෑල්ලක් පමණක් දෙනවා. එවිට ඔවුන්ගේ ආදායම කොපමණද කියලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට හොයාගන්න බැහැ. ඒවගේම වෙළෙන්දෝ පරිභෝගිකයාට issue කරන බිල් පතේ බඩුවේ මිල සහ වැට් වෙනවෙනම පෙන්වන්න නීති ගෙනඑන්න. එවිට අපි දන්නවා වැට් පෙන්වා අයුතු ලාභ ගන්නවාද කියලා.
බලු බද්දකුත් ගැහුවොත් තමා හොඳ
හැබැයි ඕනැ කෙලියක් කරන්න, නමුත් බල්ලො බැල්ලියෝ සම්බන්ද කරගන්න නං එපා මහත්තයෝ.
ඉතින් එම ආයතන වලින් එක් ෆයිල් එකකට ලක්ෂයක් වගේ මුදලක් අයකරන්න කටයුතු කලොත් මොකද වෙන්නෙ කියලා බලන්න .තවත් එකක් තමයි බදු ගෙවියයුතු ආයතන ගැන ඔත්තුකරුවන් යොදා බලන්න
අර ඔය ගෙනපු මෙට්ටය දැන් කොහෙද තියෙන්නෙ ලොක්ක එක භාවිත කරනවද ?
එහෙම ආයතන ඇතිවෙන්නෙ බදුගෙවීම සම්බන්ධ ආකෘති පත්‍රවල තියෙන කියවා තේරුම් ගන්න බැරි මහප්‍රාණ හා අපභ්‍රංස නිසා තමයි රජයේ නිළධාරින්ට කාර්‍යාල ක්‍රම හා කාර්‍යාල කළමනාකරණයේදී ජනතාවට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ආකෘති සකසන්න කියලා නියමයක් තිබුනා ඉංග්‍රීසි භාෂාවෙ වචන ගෙඩි පිටින්ම සිංහලෙන් ලිව්වම අධිකරණයට ගියාම නීති සහාය අවශ්‍ය වගේ ආදායම් බදු ගොනු සදහා උපදේශක කෙනෙක් අවශ්‍ය වෙනවා ඉන් පස්සෙ කැලේ හිටපු නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කියනවා වගේ නීති අනපනත් හදන හදපු එවුන් යටිගිරියෙන් සුලුදිය පෙරමින් බෙරිහන් දෙනවා