
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු යැයිද එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් කිසිවකුට විවාද කළ නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.
එය වෙනස් කිරීමට කිසිවකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පස්වරුවේ එක් වෙමිනි.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කළේය.
ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අප සෑම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්මආරක්ෂා කර ගනිමින් බවත් ඊට විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම් ගැන තියෙන සියලු සඳහන් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කල යුතුයි. රටවල් පාලනය කරන්න මොකටද ආගම්? ආගමික පූජකයන්ට දේශපාලනය තහනම් වගේ දෙයක්නම් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ තිබුනට කමක් නෑ.
ව්‍යවස්ථාවට පටහැනිව දිගින් දිගටම වැඩ කරන කෙනා නේද මේ පම්පෝරි ගහන්නේ? ඉදිරි ජනාධිපතිවරණය නොතියා ඉන්න පුළුවන් හැම ගේමක්ම කරන ගමන්, එය කරගන්න බැරි වුනොත් හිතාමතාම ආගමික, ජාති අතර ප්‍රශ්න ඇතිකරලා හරි ඡන්ද වැඩි කරගන්න උත්සාහය...
මෙයා මොනවද දොඩවන්නේ? මෙයාගේ බුද්ධිය ගැන මානසික වෛද්‍යවරයක් හරහා පරීක්ෂා කළා නම් තමයි හොඳයි. එහෙම බෞද්ධාගම වෙනස් කරන්න ඕනේ කියලා කව්රුත් කියලත් නැහැ. ඡන්දය ලං වෙනකොට මෙයා ඡන්දය ගන්න... බෞද්ධ ජනතාවට පෙන්නන්න උත්සාහ කරනවා තමන් බෞද්ධාගමට ආදරෙයි කියලා...
ඡන්දේ ලග එනවා නේද? හා හා හා
පුළුවන් කෙනෙක් ඉන්නවානම් වෙනත් ආගමක පොතක් හෝ ආගමික නායකයකුගේ පිළිරුවක් හෝ රූපයක් අරගෙන මුස්ලිම් ආගම තියන රටකට සංචාරය හෝ රැකියාවකට යන්න.එයාපෝට් එකෙන් මොනවද වෙන්නේ කියලා
සජබෙන් හරි මාලිමාවෙන් එහෙම කිව්වෙ නෑනෙ. පොර දැන් වෙන ගේම් එකක් ගහන්න යන්නෙ. අනිත් එක ඕව ප්‍රසිද්ධියෙ කියන්න ඕන දේවල් නෙමේ. ඕන පොඩි එකෙක් දන්නව . පුලුවන්නම් විතරක් මිහින්තලේ පොසොන් උත්සවයට සුලු ආධාරයක් කරන්න. හාමුදුරුවෝම කිව්ව රජයෙන් කිසිම දෙයක් දෙන්න එපා කිව්ව් කියල. බලන් යනකොට පිනාම තමයි බුද්ධාගමට කෙලවන්නෙ. දැන් මේකට බැසිලගෙ ටීම් එකයි පිනාගෙ මඩ බලකා ට්ම් එකයි දිගට හරහට අන්ලයික් දායි.
රත්නේ සහ හෆිල් කියන ජෙප්පෝ දෙන්නට නම් කොහොමත් රනිල්ව පෙන්නන්න බැරි බව දන්නවා. මොකද එයාලගේ අනුර කුමාර වගේ රනිල් එම්බසි වල පදේට නටන රූකඩයක් නොවන නිසා. අනුර කුමාර තානාපතිලා ඉස්සරහා දෙකට තුනට නැවෙනකොට රනිල් තානාපතිලට චැලෙන්ජ් කරනවා. අනුරයි, ගෝලයොයි තානාපතිලගේ, එන්ජිඕ නඩවල රූකඩයක් වෙලා දැන් බෞද්ධ විරෝධී මතවාදයක් රට තුල ඇති කරන්න හදනවා. බෞද්ධ ඉතිහාසය විකුර්ති කරනවා, සැදැහැවතුන්ගේ පුද පූජා වලට හිනා වෙනවා. හාමුදුරුවරුන්ට සමාජජාලා වල කුණුහරපෙන් බන්නනවා රත්නේ, හෆීල් වගේ ගෝලයෝ දම්මලා.
රනිල් සැබවින්ම අනික් දේශපාලුවන්ට වඩා ඇත්තෙන්ම හොඳ මනුස්සයෙක්
තක්කඩියන් අවසන් නවාතැන්පළ කරා පැමිණෙමින් සිටියි.
කව්ද එහෙම කිව්වෙ? 2005දි පෘතුගීසි පැමිනීම සමරන්න හදපු මිනිහට හදිසියේම බුදුදහම ඕන වෙලා, මේ යන්නෙ යාලුවගෙ අඩිපාරේ, චන්දෙ ලංවෙනකොට ආගම ඇදගනිං කිව්වෙ මයින වෙන්න ඕන
රාජ්‍යයක හිමිකම තීරණය කිරීමේදී යම් භූමියක් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අන්තර් ජාතික ව පිළිගත් සම්මුති හතරකි.1.භූමිය,2.ජනතාව.3.ආණ්ඩුව සහ 4.ස්වාධිපත්‍ය යන සම්මුති සතර ය. මෙහි ස්වාධිපත්‍ය යන කරුණ අතිශයි ම වැදගත් ය. භූමියක වෙසෙන ජනතාවට එකී භූමියට ඇති හිමිකම, ඒ භූමිය වෙනම පාලනය කිරීමට, භුක්ති විදීමට ඇති උරුමය, එසේත් නැතිනම් ඒ භූමිය අතීතයේ සිට පාලනය කිරීමෙන් ලත් උරුමය, හිමිකම හෝ ස්වාධිපත්‍ය වේ. ලංකා භූමියේ වෙසෙන බෞද්ධාගම්කාරයන්ටද විශේෂ වූ උරුමයකි. එය නො බිඳිය හැකි උරුමයකි. ස්වාධිපත්‍යයකි. එය බෞද්ධවූවන්ට ම වූ වරයකි. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වීමට ත් පෙර පටන් ම, කිසිවෙකුටත් ම අභියෝග කළ නො හැකි, ප්‍රශ්න කළ නො හැකි උරුමයකි. ඒ උරුමය ලැබුණු හැටි සලකා බැලීම වටී. ලංකා භූමියේ, ලංකා රාජ්‍යයයේ හිමිකම බුදු රදුන් සන්තක පූජා වී ඇත. එයට ශාක්ෂි තිබේ ද? එම හිමි කම දෙයාකාරයකින් සිදු වී ඇත. ලංකා භූමිය ජීවමාන සම්බුදු රදුන්ට පූජා කර ඇත. එසෙම පූජාව සම්බුදු රජුන් විසින් එකී පූජාව පිළිගැනීම් වශයෙන් ඉවසා වදාරා ඇත. මහා වංශයේ පළමුවෙනි පරිච්ඡේදය 27,28,29 ගාථා මෙකී පූජාවට සාක්ෂි වෙනවා ඇත. තථාගත බුදු රදුන
රදුන්ගේ පළමුවන ලංකාගමනය යක්ෂයන් දමනය කිරීමට, මහියංගනයට වැඩි අවස්‍ථාවේ බුදු රදුන් විසින් "යක්ෂයෙනි ඔබගේ භය සහ දුක් මම පහ කරන්නෙමි. තොපි සමඟිවව. මෙතැන්හි මට හිඳිනා තැනක් දෙන්නහු ද? නො දෙන්නහු ද?" යි යක්ෂයන්ගෙන් විමසා වදාරන ලදී.”, “එවිට එම යක්ෂයෝ " නිදුකානෙනි නුඹ වහන්සේට මෙම සියලු ම ලක් දිව දෙම්හ.අපට අභය දුන මැනවැ" යි ඒ යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ. බුදුරදානෝ එකී පිදීම පිළිගෙන මහියංගන චේතිය බිමෙහි වැඩ වදාළ සේක. ඒ ප්‍රථමයෙන් ම ලංකා භූමිය සම්බුදු රදුන්ට පූජා වූ අවස්ථාව සහ ආකාරය ය. (මහා වංශය පළමුවෙනි පරිච්ඡේදය 26, 27, 28 ගාථා)” “තථාගත බුදු රදුන් පිරිනිවන් පෑමෙන් වසර දෙසිය සතිසක් ඉකුත් වූ තැනේදී අනුබුදු මහ මිහිඳු මහ අරහතුන් වහන්සේ ප්‍රධාන කොට මහ අරහත් සඟ පිරිස විසින් ලංකාද්වීපයේ බුදු සසුන පිහිටවා වදාළහ. අනතුරුව මහ මිහිඳු මහ අරහතුන් වහන්සේගේ ඇරයුම පරිදි සඟමිත් මහරහත් මෙහෙණින් වහන්සේ විසින්, තථාගත බුදුරදුන් පිට දී වදාරන ලද, ජය ශ්‍රී මහ බොධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කොට වදාරන ලදහ. ඒ අවස්‍ථාවෙහි දේවානම් පියතිස්ස නරේන්ද්‍රයානන් විසින් ලංකා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහ
බෝධීන් වහන්සේ පුදන ලදී. ඒ බැව් මහා වංශයේ 19 වෙනි පරිචේදයේ 30,31,ගාථා මෙකී පූජාවට සාක්ෂි වනවා ඇත. 1837 දී ප්‍රකාශයට පත් කරන ලද, ඉතිහාසඥයෙකු සහ ලංකා සිවිල් නිලධාරියෙකු වූ ජෝර්ජ් ටර්නර් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තයෙහි දක්වා ඇත්තේ මෙසේ ය. “The ruler of the earth, who had caused the great Bodhi-tree to be placed on the shore of the great ocean, worshipped it once more by (bestowing upon it) the great kingship.” එකී පූජාව සමන්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි දක්වා ඇත්තේ මෙසේ ය." සමුද්දතීරේ මහාබෝධිං ඨපෙත්වා තීනි දිවසානි සකලතම්බපණ්ණිදීපෙ රජ්ජේන පූජේසි” සිංහල තේරුම නම්:- මහ බෝධීන් වහන්සේ සමුද්‍ර තීරයෙහි වඩා හිදුවා තෙදිනක් සකල තම්බපණ්ණි දීපය හෙවත් ලංකා රාජ්‍යයෙන් මහ බෝධීන වහන්සේ පිදී ය. “ එය ලංකා රාජ්‍ය දෙවන වරට බුදු රදුනට පිදුනු අවස්ථව ය. තෙවනුව දේවානම් පියතිස්ස මහ නිරිඳුන් විසින් අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා විෂයෙහි ද රාජ්‍ය සේසතෙන් පුදා ඇත. මහා වංශ 19 පරිච්ඡේද්‍ය 58වෙනි ගාථාව මෙකී පූජාවට සාක්ෂි වනවා ඇත. දේවානම් පියතිස්ස නිරිඳුන් විසින් අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා විෂයෙහි ද රාජ්‍ය සේසතෙන් පුදා ඇත.
සමන්ත්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි " රාජා තං අච්ඡරියං දිස්වා අට්ඨ තරුණබෝධිරුක්ඛෙ සේතච්ඡත්තේන පූජෙත්වා අභිසේකං අදාසි" " දේවානම් පියයතිස්ස නිරිඳු තරුණ බෝරුක් අටෙහි ඓශ්චර්‍ය්‍ය් දැක සේසතින් අභිසේඛ කොට පූජා කෙළේ ය."යනුවෙන් දක්වත්. ලංකාද්වීපය නිරවුල් ලෙස සම්බුද්ධ ශාසනය පූජා වී ඇති බැවින් රට වැසියන්ගේ කුශලාර්ථය සුරැකෙන ලෙස රටේ පාලනය පැවතිය යුතුය. මෙකී අයිතිය උල්ලංඝනය කිරීමට කිසිවෙකුටත් ම හිමි කමක් නැත; පාලනය කරන පුද්ගලයාට හෝ පිරිසට මේ රටේ අත්තනෝමතියක් කළ නො හැක. හිමිකම බුදු රදුන් සන්තක බැවිනි.
ව්‍යවස්ථාවේ එහෙම තිබුණට හැමෝම කරන්නේ බුධාගමට හතුරුකම්.
ඕවා කටින් විතරක් කියලා වැඩක් නෑ....අර වැනසෙන ඓතිහාසික බෞද්ධාගමික සිද්ධස්ථාන - පුරාවස්තු ආරක්ෂාවට විදිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නෙ නැතුව. දේශපාලනය කරපින්නාගත් හොර තක්කඩි ටිකක් මේවා කාලයක් තිස්සේ වනසන බව දන්නේ නැහැ වගේ නෑසූකන්ව කල්මරණ එක නෙමෙයි උත්තරය...!!!
වැද්දන්ගෙන් බන ඇසීමක් වැනිය
බුදුදහමට ප්‍රමුඛස්ථානය දීමට විරුද්ධ වුණේ කව්ද? එයාම බිල්ලෙක් හදලා එයාම ඒ බිල්ලට ගහනවා. ලන්සි පැපොල්ට කථා කරන්න දෙයක් නැත්නම් ගිහින් බුදිය ගන්න නිකං බයිස්කෝප් කෑලි රඟ දක්වන්නේ නැතුව...
ව්‍යවස්ථාව කඩපු, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරපු කෙනෙක් දැන් කියන කතාව.
බුදුදහමට ප්‍රමුඛත්වය දුන්නාට වැඩක් නැහැ... පාර්ලිමේන්තුවේ ගිහින් පන්සිල් පද 5 වත් ආරක්ෂා කරන්නේ නැතිනම්...!