(අංජුල මහික වීරරත්න)
බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
මෙම තොරතුරු පද්ධතිය රැම්ස් ( random access management information system) ලෙස නම් කර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වෙයි. බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් මෙම රැම්ස් පද්ධතිය මගින් නිරීක්ෂණයට ලක් වෙයි.
මෙම නව පද්ධතිය මගින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබෙයි.
ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම මෙන්ම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමට අවස්ථාව සැලසෙයි.
මීට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ලංකාවට හඳුන්වා දී තිබිණි.
නිලධාරීන් විදෙස් රටවලට ද යවා එම පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන පුහුණුව දී තිබුණත් නොයෙක් තාක්ෂණික ගැටලු මතු කරමින් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද කර ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් පසුව සාගල රත්නායක මහතාට උපදෙස් දී ඇත්තේ මෙම රැම්ස් පද්ධතිය ක්‍රියාත්මක කොට පවත්වාගෙන යන ලෙසයි.
ඒ අනුව මුදල් අමාත්‍යංශය සමඟද සාකච්ඡා කොට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන අතර දත්ත එකතු කිරීමේ ජාලයක් ද මේ යටතේ නිර්මාණය වෙයි.
මෙම පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි රජයේ බලය ලත් ප්‍රධානීන් ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ පරිගණකයෙන් පරීක්ෂා කරන්නට ද අවස්ථාව ලැබෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවු 30 - 35 ඉඳන් ඔය වචන ටිකම කියකියා බිලියන ගණන් නාස්ති කරා. ලොකු ලොකු රටවල් ඕන නෑ.. පිලිපීනේ වුණත් ඉඳිකටුවක්වත් ගේන්න බෑ බදු මුදලට අහු නොවී... අපේ දේශපාලුවෝ හදලා තියෙන සිස්ටම් එක තමයි, අපි වගේ මුදුනේ ඉඳන්ම හොරා කාපල්ලා කියන එක. මිනිස්සුත් අවු 76ක් තිස්සේ ඒක දිහා බලාගෙන හූල්ලනවා විතරයි...
කප්පම් ගහන, කොමිස් ගහන ඇමැතිලා අල්ලන්න විදිහකුත් හදමු නේද? ඔය බදුවලට වඩා දහස් ගුණයක් ඉතිරි වෙයි.
දැනට බදු නොගෙවා සිටින මහා පරිමාණයේ ව්‍යාපාරිකයින් / ජාවාරම්කරුවන් ගැනත් මේ හරහා සොයා බැලීමක් වේද ? ජනතාව විමසිලිමත්ව බලා සිටී.
කොහොමත් ඔය දැලෙන් තෝරු මෝරු පැනලා යයි. හාල් මැස්සෝ, සාලයෝ වගේ පොඩි අය අහුවෙයි. ලොකු එකෙක් අල්ලා ගත්තොත් පොඩි අය 1000ක් ඇල්ලුවා වගේ තමයි.
තනිකරම බොරු, අපේ සල්ලි නාස්තිකරන තව එක සංදර්ශනයක් විතරයි... දැන් තියන සිස්ටම්වලින් බදුගෙවන්නේ නැති, ණය ගෙවන්නේ නැති, බිල් ගෙවන්නේ නැති, දේශපාලුවන්ම කී දෙනෙක් නම් එක්කම දීලා තියෙනවද? කෝ නීතියක් ක්‍රියාත්මක වෙනවද? මේ කාටවත්ම බෑ රට හදන්න...
ලයිට් බිල් ගෙවන්න කියන්න ඇමැතිලාට...
මොකා ආවත් හොරු අල්ලනවා බොරු. ඔවුන් දන්නවා ඒවායින් රින්ගන හැටි...
අනේ ලොක්කා කයිවාරුව පැත්තකින් තියලා වැඩේ කරලා ප්‍රතිඵල අපිට කියන්න. අපිට ඕනේ ප්‍රතිඵල මිසක් කරන්න යනවා කියන මගුල් නොවෙයි. ඔය බදු නොගෙවා ඉන්නවා කියන ලොකු බිස්නස් කාරයින්ගේ tax return හදන්නේ අදායම් බදු නිලධාරීන්. කැනඩාව, අයර්ලන්තේ වගේ රටවල කෙරෙන ආකාරයට බදූ නීති හදනවා නම් එහෙම බේරිලා යන්න බැහැ. ඔහෙලා එහෙම බදූ ක්‍රම හදන්නේ නැත්තේ ඉස්සෙල්ලාම ඔහෙලාට කෙළවෙන බව දන්න නිසා...!
ඔය සිස්ටම්වලට දත්ත ඇතුල් කරන්නේ හොරු නම් ඵලක් තිබෙනවද?
හපොයි එතකොට බදු නිලධාරින් තමන්ගේ ළමෝ දීග දෙන්නේ කොහොමද? රට යවන්නේ කොහොමද?