(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පුරවැසියන් පස් දෙනකු ගොනුකර ඇති පෙත්සම් 2 ක් විභාගයට ගැනීමෙන් පසු අදාළ පෙත්සම් පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසුරිය, එස් තුරේරාජා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
හෙයියන්තුඩුව පදිංචි ඉන්දික අජිත් විජේසිංහ මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් එක් පෙත්සමක්ද දිවුලපිටිය ග්‍රේස් ලෑන්ඩ් වතුයායේ පදිංචි වික්ටර් මහතා විසින් තවත් පෙත්සමක්ද ගොනු කරනු ලැබ ඇත.
පසුගිය ඔක්තෝම්බර් 18 වැනිදා එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවත් මෙම පනත් කෙටුම්පතෙහි 4 වැනි ඡේදයෙන් නීතියේ ආධිපත්‍ය උල්ලංඝනය වන බවත් මෙම පනත් කෙටුම්පතෙහි විධි විධාන අනුව සාමාන්‍ය ජනතාවට සහන මිලට නිවාස මිලදී ගැනීමේ අවස්ථාව ගිලිහී යන බවත් පෙත්සමේ සඳහන් වේ.
තවද මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු විධි විධානයන් බදු ක්‍රමයේ මූලික විධි විධානයන්ට පටහැනි වේ.එබැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් අනුමත කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු ගැන තීන්දුව කතානායකට