
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්වයක පවතින හෙයින් බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
එම කොමිසම අහෝසි කිරීමට විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම කොමිසම පසුගිය අවුරුදු දෙකටම එකම නඩුවක් හෝ පවරා නැතැයි පැවසූ රාජපක්ෂ මහතා එය බරපතළ කාරණයක් බවද පෙන්වා දුන්නේය.
අභියාචනා විමසීම ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 11,700 කට වැඩි හිඟ බදු අයකර ගැනීමට නොහැකිවී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
සක්‍රීය කාර්යභාරයක් ඉටු නොකරන මෙවැනි කොමිෂන් සභා විශාල මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සුදුසු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කියමනක් තිබුණා... හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් නැහැ කියලා. ඒත් ඇමැතිවරයා ඒක අහලා නැහැ වගෙයි. කොහොම වුණත් බදු කොමිසමේ ඉන්නෙත් මිනිස්සු නිසා උන්දැලා පණට බයයි කියලා හිතෙනවා. ඔවුන් වැඩක් කරලා නැත්නම් ගෙවූ වැටුප් හා දීමනා ආපසු අයකර ගන්න ඇත්තටම ආණ්ඩුව වැඩ කරන්නේ මෙහෙම නම් මාලිමාව ගැන හිතන්න වෙනවා...
වැඩේ හරියට කරන්නේ නැතිව හිටපු අයට දඬුවම් දෙන්න ඉස්සෙල්ලාම... ඊටපස්සේ කරන්න පුළුවන් පිරිසක් පත්කරන්න. එහෙම නැතිව කොමිසම් අහෝසි කරලා හරියනවද? මොවුන්ගේ මොළවල් තමයි මොල...!