
(ලුණුගල ප්‍රසන්න පත්මසිරි සහ අයි.ආර්.ඉන්දික)
බුත්තල ප්‍රදේශය අවට ගම්මාන රැසකට අද 22දින පෙ.ව 11.47ට භුකම්පනයක් දැනුන බව ප්‍රදේශවාසීන් කියයි.
විනාඩියක පමණ කාලයක් පොළව සෙළවීමත් සමග මොණරුන් ඇතුලු පක්ෂීන් ශබිද නගා කෑ ගැසු බවත් අවට ගම්වාසීන් කියයි.
හඳපානගල, බුත්තල,වැල්ලවාය ඇතුළු ප්‍රදේශ රැසකට පොළෙව සෙළෙවීම දැනුනු බව ද දැනගන්නට ඇත
මෙම සිද්ධියත් සමග පාසල් දරුවන් ක්‍රීඩා පිටිවලට යැවූ බව විදුහල් ආරංචි මාර්ග කියයි. තට්ටු ගොඩනැගිලිවල සිටි පිරිසට මෙම සෙළවීම තදින් දැනී ඇත.
(ඡායාරූප: අයි.ආර් ඉන්දික)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලොව හෙල්ලෙන්නේ නැතැයි මේ රටේ වෙන අපරාධ වල හැටියට.
මේ සෑම දෙයක්ම සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට... ඕනෑනම් තුර්කිය සහ සිරියාව හොල්ලපු විදිහට සොලවා ලොකු විනාශයක් කරලා පෙන්වන්න.
ඔය යන විදිහට භූමිකම්පාවක් වුණත් එන්න ඉඩ තියෙනවා...
භූමිය කම්පා වෙලා. හදවත් සසලවෙලා....!
ස්වභාව ධර්මයත් රළුබව පෙන්වන්නේ මේ පැතිවල අහිංසක ජනතාවටද? ඇයි දෙවියනේ එකම එක පාරක් දියවන්නාවේ 225 රැස්වෙන දවසකට ඔය වගේ දෙයක් එහාට නොවෙන්නේ...?
අපේ දේශපාලුවො සහ උගත් යයි කියාගන්නා හොර නඩය කියන බොරු සහ කරන අපරාද වල හැටියට මහ පොලොව නොසෙල්වී තිබුනොත් තමයි පුදුමෙ.
යහපත් පාලකයෝ ඉන්න නිසානේ ඔහොම වෙන්නේ .තව තව දේවල් බලන්න පුළුවන් වෙයි ඉස්සරහට