IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බුත්තල පොළොව සෙළ වේ

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි සහ අයි.ආර්.ඉන්දික)

බුත්තල ප්‍රදේශය අවට ගම්මාන රැසකට අද 22දින පෙ.ව 11.47ට භුකම්පනයක් දැනුන බව ප්‍රදේශවාසීන් කියයි.

විනාඩියක පමණ කාලයක් පොළව සෙළවීමත් සමග මොණරුන් ඇතුලු පක්ෂීන් ශබිද නගා කෑ ගැසු බවත් අවට ගම්වාසීන් කියයි.

හඳපානගල, බුත්තල,වැල්ලවාය ඇතුළු ප්‍රදේශ රැසකට පොළෙව සෙළෙවීම දැනුනු බව ද දැනගන්නට ඇත

මෙම සිද්ධියත් සමග පාසල් දරුවන් ක්‍රීඩා පිටිවලට යැවූ බව විදුහල් ආරංචි මාර්ග කියයි. තට්ටු ගොඩනැගිලිවල සිටි පිරිසට මෙම සෙළවීම තදින් දැනී ඇත. 

(ඡායාරූප: අයි.‍ආර් ඉන්දික)



අදහස් (11)

බුත්තල පොළොව සෙළ වේ

නිඋටොන් Wednesday, 22 February 2023 12:34 PM

පොලොව හෙල්ලෙන්නේ නැතැයි මේ රටේ වෙන අපරාධ වල හැටියට.

:       9       63

NormaWednesday, 22 February 2023 03:22 PM

අනේ ඇත්තමයි

:       6       22

Hira Wednesday, 22 February 2023 03:56 PM

මේ සෑම දෙයක්ම සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට... ඕනෑනම් තුර්කිය සහ සිරියාව හොල්ලපු විදිහට සොලවා ලොකු විනාශයක් කරලා පෙන්වන්න.

:       40       6

සුසන්ත Wednesday, 22 February 2023 07:03 PM

හිරා ඔය කියන කට්ටිය කොහෙද බං ඉන්නවා කියන්නේ... ගිහිල්ලා හමුවෙලා කියන්නකෝ අපේ රටේ මෙහෙම වෙනවා... අරපැත්තේ එහෙම වෙනවා කියලා ලෝකයටම සාමය දෙන්න කියන්න... විවිධ රෝග හැදෙනවා නවතන්න කියන්න කට්ටියක් ආහාර නාස්ති කරද්දී දරුවන්ට කෑමට කොස් කඩන්න ගිය අම්මා ගහෙන් වැටිලා මැරෙනවා... දෙවිවරු ඉන්නවා නම් මේ සියලු අපරාධ වෙන්නෙත් ඒ විදිහට වෙන්න ඇති නේද? අනේ බ්‍රෝ, නොදන්නා නිසා අහන්නේ දෙවිවරු එකඑක්කෙනාට එක් එක් ආකාරයට කටයුතු කරන්නේ ඇයි කියන්නකෝ... මම එකක් අහන්නම්.... මේවා ඔක්කොම ස්වභාව ධර්මයාගේ වෙනස්වීම් පමණයි.

:       4       39

HiraWednesday, 22 February 2023 09:31 PM

මෝඩකම තිබුණාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා සුසන්ත...

:       0       0

PereraWednesday, 22 February 2023 11:54 PM

දෙවියන් මිනිස්සුන්ට දඬුවම් දෙනවා කියලා දන්නවද?

:       0       0

Amunugama Wednesday, 22 February 2023 08:52 PM

ඔය යන විදිහට භූමිකම්පාවක් වුණත් එන්න ඉඩ තියෙනවා...

:       0       0

භුමි Thursday, 23 February 2023 08:15 AM

භූමිය කම්පා වෙලා. හදවත් සසලවෙලා....!

:       0       1

Malika Thursday, 23 February 2023 08:27 AM

ස්වභාව ධර්මයත් රළුබව පෙන්වන්නේ මේ පැතිවල අහිංසක ජනතාවටද? ඇයි දෙවියනේ එකම එක පාරක් දියවන්නාවේ 225 රැස්වෙන දවසකට ඔය වගේ දෙයක් එහාට නොවෙන්නේ...?

:       0       0

Bunny Preena Thursday, 23 February 2023 08:48 AM

අපේ දේශපාලුවො සහ උගත් යයි කියාගන්නා හොර නඩය කියන බොරු සහ කරන අපරාද වල හැටියට මහ පොලොව නොසෙල්වී තිබුනොත් තමයි පුදුමෙ.

:       1       5

chandima Thursday, 23 February 2023 12:03 PM

යහපත් පාලකයෝ ඉන්න නිසානේ ඔහොම වෙන්නේ .තව තව දේවල් බලන්න පුළුවන් වෙයි ඉස්සරහට

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site