
(මහින්ද නිශ්ශංක)
බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව සිදු කරන වැටලීම් වැඩි කරන බව ද පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
විශේෂයෙන් වෙළෙඳ පොළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ බිත්තර තොග නිකුත් කිරීම සීමා කිරීමක් හෝ කරන්නේ නම් ඔහුන්ට විරුද්ධ නීතිමය පියවර ගැනීමටත් ඒ පිළිබඳව සොයා බලන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළහ.
මේ අතර පසුගිය දිනවල රුපියල් 28,35 අතර අලෙවි කළ බිත්තරයක සිල්ලර මිල මේ වනවිට රුපියල් 40,45 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර ඉන්දියාවෙන් ගේනවා නම් ඔය කවුරුවත් බිත්තර හංගන්නේ නැහැ ඉදිරියට එන්නේ උත්සව සමය සහ ටුවරිස්ට් සීසන් එක, හැන්ගුවත් නැතත් එම නිසා බිත්තර මිල ඉහල යනවා , බිත්තර මිල පාලනය කරන්න නම් දෙසැම්බර් මාසෙට අවශ්‍ය බිත්තර තොග අද හෙටම ඉන්දියාවෙන් ඇනවුම් කරන්න වේවි
ඔය වැඩේම තමා සියඹලා වලටත් කරන්නේ. පිටකොටුව, වත්තල හා මාලිගාවත්ත තිබෙන ගබඩා සෝදිසි මෙහෙයුම් කරන්න. තොග වශයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තබා ගන්න අය විධිමත් ලෙස නියාමනය කළ යුතු ය.