(සුජිත් හේවාජුලිගේ )

බිත්තර ගෙන්වීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබාදීම නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවේ කුරුළු උණ පැතිර පවතින හෙයින් එරටින් බිත්තර ආනයනය කිරීමට  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී නොමැති බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

රජය බිත්තර ආනයනය කිරීම සඳහා ගත් තීරණයත් සමග ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ඉදිරිපත් වු ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සියයට 90 ක්ම ඉන්දීය සැපයුම්කරුවෝ වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ බිත්තර ආනයනය කිරීමට කිසිදු ගැටලුවක් නොමැති වුවද  කුරුලු  උණ ප්‍රශ්නය හේතුවෙන්  ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බවයි.