(අංජුල මහික වීරරත්න)
බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුලත පාලනය කිරීමට පියවර නොගතහොත් රජය ඊට මුහුණදීම සඳහා පියවර දෙකක් ගන්නා බව කෘෂිකර්ම සහ වැවිදි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව වහා ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනකට අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති අතර බිත්තර සඳහා පාලන මිලක් පැනවීමට ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යටතේ පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට දේශීය වෙළෙදපොලේ කුකුළු මස් හා බිත්තර මිල ඉහල යාම සාධාරණීකරණය කළ හැකි කිසිදු හේතුවක් කුකුළු පාලනය ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
බිත්තරයක් සදහා වැය වන නිෂ්පාදන වියදම රුපියල් 20ක් පමණ වන බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන් පවසා ඇතැයි කී අමාත්‍යවරයා එහෙත් මේ වනවිට වෙළෙඳපළේ බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ දමා ඇතැයි කීය.
කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දැමීම කෘත්‍රිමව සිදු කළ එකක් බව සඳහන් කළ අමාත්‍යවරයා එම නිෂ්පාදනවලින් යුතු ලෙස පාරිභෝගිකයා ගසා කෑමට මෙම ව්‍යාපාරිකයින්ට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමයි, රුපියල් විස්සට බිත්තර කාපු කාලේ තමයි කාලා වැඩිවෙලා ඇඟවල් වල තෙල දාලා මේ රටේ ජනතාව උඩපැන ගෙන ඕනෑවටත් වඩා දැඟලුවේ..."රට රකින අපේ විරුවා" එන්න කලින් සැමන් ටින් එකක් එහෙම රුපියල් එකසිය විස්සට අරගෙන අඩුවට බයිසිකලේට තෙලුත් ගහගෙන, වැඩ ඇරිලා ගෙදර එද්දී වඳ කොත්තුවකුත් අරගෙන ගෙදර ආවේ..."මොළ හතේ මුදල් ඇමතියා" ඇවිදින් බිත්තර දාන කිකිලිට පවා දැනෙන විදිහට මේ රටේ ආර්ථිකය විනාශ කළා...එක එකා කියන ගණන් වලට බිත්තර දාන්න දැන් ශ්‍රී ලංකාවේ කිකිළියන්ට පුළුවන් කමක් නැහැ. ආර්ථිකය රටාව වෙනුවට, ආහාර දාම රටාව තමයි ලංකාවේ දැන් ක්‍රියාත්මක වෙන්නේ,,, පුළුවන් එකා නැති එකාව (දුබලයාව) මරාගෙන කෑම තමයි සිදුවෙන්නේ... එලෙස, තමන්ට හැකි ලෙස ආනෙකාව කමින් අපි එකිනෙකා පෝෂණය වෙමු!!! මොනා උනත් දැන් තමයි "සිංහ ලේ" නියමෙටම හදවතේ පොපියන්නේ...
අන්න හරි මහත්තයා ,ගෙන්නන්න ඉන්දියාවෙන් .බය වෙන්න දෙයක් නැහැ අයි එම් එෆ් එකෙන් ණය හම්බවෙලා තියෙන්නේ
ව්‍යාපාරිකයෝ මාෆියාවක් නම් කුකුළු ෆාම් ටික රජයට පවරාගෙන ජනතාවට කුකුල් මස් බිත්තර දෙන්නකෝ අඩු මිලට
ඒවට කලින් බී ලූනු මිල අඩු කරලා හිටපන්
සීනි වලටත් ඔය ටික තමා මුලින්ම කිව්වෙ... නිකං සුරංගනා කතා කියන්නෙ නැතිව යන්න හලෝ.....
අමතිතුමනි, බිත්රයක නිශ්පදන වියදම රුපියල් 20 වෙන්න කුකුල්ලු නිදහසෙ අත්හැරල හදන්න ඔනෙ. එහෙම නතිව කිලො 50 ක කෑම කොට්ටයක් රුපියල් 9,000 ට ගෙනල්ල මාස හයක් කිසිම ආදායමක් නොමැතිව පැටවු ලොකු කරල උන්ට වෙනත් බෙහෙත්, විටමින් දීල හදල රුපියල් 40 ට අඩුවෙන් කොහෙත්ම දෙන්න බැහැ.