(පද්මසිරි ගාර්දියවසම්)                       

පැරණි ගෙයක් කඩා ඉවත් කිරීමට යාමේදී එහි වරිච්චි බිත්තියකට යටවී බෙලිඅත්ත හත්බෝධිය ප්‍රදේශයේ  47 හැවිරිදි දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි .

 මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත හත්බෝධිය එකමුතු මාවතේ සිටි කංකානම් ආචාරිගේ රංජිත් නමැත්තෙකි .

ඔහු සිය පුතෙකු සමග නෑදෑයෙකුගේ පැරණි ගෙදරක වරිච්චි බිත්ති කඩා ඉවත් කිරීමට ගොස් ඇති අතර එක් බිත්තියක දොර උලුවස්සක් ගැලවීමට තැත් කිරීමේදී එක්වරම බිත්තිය කඩා වැටී එයට යටවී ඇතැයි පොලිසිය කියයි .