
(සුමිත් පොතුපිටිය)
විනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය අද දහවල් සමත්වූ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක මෙසේ බේරාගෙන ඇත.
විදුහලේ වැසිකිලි පද්ධතිය සහ තාප්පය අතර දැරිය සිරවි සිට ඇති බවත්, කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ආපදා ගිලන් රථයක් ළගාවී ස්පැඩර් නමැති සූක්ෂම උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් වායුව මගින් බිත්ති දෙකට තෙරපුමක් ලලබාදී දැරිය බේරාගත් බව එහි ප්‍රධාන ගිනි නිළධාරී ඕ.වී.අයි. පී. ලක්ෂාන් මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් සිදුවේවා ඒ උදවියට!!!
දැන්වත් ඔය බිත්ති දෙක අතරට ලෑල්ලක් ගසා වසා දැමීමට මොලය පෑදේවා.
පපුව හිරවෙනවා නිවුස් එක දකිද්දිම... මීහරක් වගේ තාප්ප, බිත්ති බඳින්න උපදෙස් දුන්නු එකාවත් ඕක මැද්දේ හිරකරලා ඔය උපකරණය ඉවත් කරන්න. මේ පොඩි දරුවන් ඉන්න පාසලක විදුහල්පතිට වගකීමක් නැතිද? මෙවැනි තැන් ගැන පියවර ගන්න..
දරුවා ගියේ කොහොමද?