IMG-LOGO

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් කරයි

(අංජුල මහික වීරරත්න)

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ශ්‍රේණිය උසස් කරන ලද බණ්ඩාරවෙල රෝහල  ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්  අමාත්‍ය සමන්ත විද්‍යාරත්න,ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ ජේ.එම්.කපිල ජයසේකර මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ රජය බලයට පත්ව ගතවූ මාස 8 ක පමණ කාලසීමාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බවට බණ්ඩාරවෙල මුලික රෝහල පත්වන බවයි.

ඉල්ලීම් කොපමණ ලැබුණත් ජාතික සැලසුමකට අනුව පමණක් එම කටයුතු සිදු වන බව අමාත්‍යවරයා කීය.

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවීමේ දී තිබුණු  ප්‍රධාන ගැටළුවක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිලි, රෝහල් වර්ගීකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක තිබුණු අවිධිමත්භාවය පෙන්වා දිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා රෝහල් වර්ගීකරණය යනු විද්‍යාත්මක ක්‍රමවේදයක් බවත්, දේශපාලන අවශ්‍යතාවය මතම මුලික රෝහල් බවට පත් කළ රෝහල් මෙරට පවතින බව ද පැවසී ය.



අදහස් (0)

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site