(ප්‍රසාද් රුක්මල්)
මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවති ගනිත සම්මන්ත්‍රණයකට සහභාගි වූ බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන්නැයි සැකපිට බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් තිදෙනකු අද (22) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් තිදෙනකු යැයි පොලිසිය කීය.
ගණිතය සම්මන්ත්‍රණය අවසන් වී සිසුන් පිරිසක් බණ්ඩාරවෙල නගරයේ දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය මාර්ගයට ගොස් මෙසේ සිසුන් දෙදෙනාට අතින් පයින් පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයාගෙන ගියොත් කොනක ගවුමක් එල්ලිලා ඇති. දැන් කාලෙ කොල්ලො කෙල්ලන්ට පොර කන්නෙ කෙහෙල් ලෙල්ලකට පොරකන රිිලව් වගේ