
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම නගරයේ සිපෙට්කෝ ඉන්ධනහලේ අද දහවල් ගින්නක් ඇතිවිය එක් අයකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
සේවකයන්ගේ විවේක කාමරේ පිහිටා ඇති විදුලි පද්ධතියෙන් එම ගින්න ඇති වී ඇත.
එම කාමරයෙන් විශාල ගිනි ජාලාවක් හට ගැනීමත් සමඟම එහි සේවකයන් සහ පාරිභෝගිකයන් එක්ව ගිනි නිවීමේ උපකරණ වලින් ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර එම අවස්ථාවේදී ඉන්ධන හලේ බවුසර් රියදුරුගේ අතකට තුවාල සිදුවිය.
අනතුරුව හොරණ නගර ගිනි නිවීමේ ඒකක ගිනි නිවන රථය පැමිණ සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කෙරෙනි එසේ නොවන්නට විශාල විනාශයක් සිදු වන්නට ඉඩ තිබූ බව පොලිසිය කියයි.
ගින්නෙන් සේවකයන්ගේ විවේක කාමරයේ තිබූ මුදල් පසුම්බි ඇතුළු අනෙකුත් උපකරණ සියල්ලම විනාශයට පත් වී ඇත.
ගින්න විදුලි කාන්දුවකින් වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd