
(ගයාන් සූරිය ආරච්චි)
සංවිධානාත්මක සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් බඩෝ විට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කාන්තාවන් දෙදෙනෙකු හෙරොයින් සහ මත්පෙති සමඟ දෙහිවලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙහිවල, ඔබන් ප්‍රදේශයේ පදිංචි 45 සහ 35 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
එම සැකකාරියන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 92,300 ක මුදලක්ද , ජංගම දුරකථනයක්, මුදල් පසුම්බියක්, පොලිසිය බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය මොරටුව කඳවුරේ විශේෂිත මෙහෙයුම් අංශය iii නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවාය.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබුණි
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඩෝවිට අසංකගේ මත්ජාවාරම මෙහෙයවු කතුන් දෙකක් මාට්ටු
C.K.Lankaputhra Thursday, 11 December 2025 11:57 AM
දැන් ඔය බඩෝ විට කියන මත්ද්රව්‍ය මහත්තයා කෝ? එතුමා සිරි ලංකා එකේ වැඩ වාසය කරනවාද, ඩුබයි එකේ වැඩ වසනවාද? ඩුබයි එකේ ඉන්නවා නම් පැලැනක් දාලා අල්ලන්නෙ නැත්තෙ ඇයි?