බීඩි කොළ සඳහා මෙතෙක් අයකළ ආනයන බද්ද අඩුකර තිබේ.

ඒ අනුව ආනයනික බීඩි කොළ කිලොවක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 5000ක ආනයන බද්ද රුපියල් 250 දක්වා අඩුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආයනය බදු අඩුකිරීමෙන් සිදුවන  අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩිවලින් අයකරන බදු මුදල ඉහළ නැංවූ බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.