(අංජුල මහික වීරරත්න)
ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන මඟින් සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබෙි.
අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොලොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් හෙක්ටයාර් 16,000ක භූමියක එම බඩ ඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කෙරෙයි.
උසස් තත්ත්වයේ දෙමුහුන් බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම බෙහෙතක්, පොහොරක් නැතිව සරුවට අස්වැන්න දුන්න අපේ රටට අවේනික ඉරිඟු ටික විනාශ කරගෙන දැන් දෙමුහුන් ඇට හොයනවා. කෘෂිකර්මය උගතුන් තමයි ගස්ලබු ටිකයි, ඉරිඟු ටිකයි මැලේසියාවෙන් ගෙනැල්ලා ඒ භෝග දෙකම විනාශ කළේ...
ලදසාව හොදයි කිවුවට සේන ආපුගමන් ඔක්කොම විනාශයි. එහෙම වෙනවට ආසා කාලකන්නි පවුකාර කොමිස් කාක්කො ටිකකුත් ඉන්නවානෙ මහ පුටුවල.