
(අංජුල මහික වීරරත්න)
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අතිරේක පෝෂණ ආහාරයක් ලෙස සියලුම ගර්භනී මව්වරුන්, කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06ක් ගත වන තුරු) හා මන්දපෝෂණයෙන් පෙළෙන මාස 06 ට වැඩි ළදරුවන් හා අවුරුදු 05 ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දෙනු ලැබේ.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000 ක් වන අතර මාසික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.
දේශීය වශයෙන් අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු සපයා ගැනීමට පවතින අපහසුතා සැලකිල්ලට ගෙන, ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුත් බඩ ඉරිඟු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා එම ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩ ඉරිඟු ලංකාවේ වගා කරන දෙයක්. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතියට, බඩ ඉරිඟු වල අවශ්‍ය පරිදි ප්‍රමිතිය දියුණු කල නොහැකිද? ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ආයතනයක් තියනවා. කෘෂිකර්මය පිලිබඳ දෙපාර්තමේන්තු කීපයක්ම තියනවා. විශ්ව විද්‍යාල වල කෘෂිකර්ම පීඨ මගින් නොයෙකුත් පර්යේෂණ කරනවා. ඉතින්, බඩ ඉරිඟු වල ප්‍රමිතිය ඉහල දැමීම කල නොහැක්කක් ද? අදාළ ආයතන උනන්දු වුවහොත් එය කල හැකි බව මගේ අදහසයි.
පුනරුදය