IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බඩ ඉරිඟු ගොවීන්ට අක්කරයට 120000ක්

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක්  ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ  විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන Small Holder Agri-Business Partnership Programme – SAPP  තීරණය කර තිබේ.

මෙම මුදල රසායනික පොහොර මිල දී ගැනීම, බිම් සැකසීම හා අවශ්‍ය බඩඉරිඟු බීජ මිල දී ගැනීමට ලබා දෙන සහනාධාරයක් වශයෙන් යෙදවීමට කටයුතු කරනු ලබයි.

2023 යල කන්නයේ දී බඩඉරිඟු හෙක්ටෙයාර් 30,000ක් වගා කිරීමට මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කර ඇති අතර කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන මගින් බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට රුපියල් 120,000ක ආධාරයක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි එම වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කෘෂිකර්ම  අමාත්‍යවරයාට දැනුම් දුන්නාය.



අදහස් (2)

බඩ ඉරිඟු ගොවීන්ට අක්කරයට 120000ක්

ganegoda Thursday, 19 January 2023 10:54 AM

ඔක්කොම චන්ද ගුණ්ඩු .ඔය කිසිම සැලසුමක් දියත් වෙන්නේ නැති මැතිවරණ පොරොන්දු

:       2       2

sharm warn Thursday, 19 January 2023 05:02 PM

මම අහන්නේ වගාකරන ගොවියන්ට මොකටද මේ ආධාර දෙන්නේ? වගාව නවත්තලා නිකන් ඉන්න අනුබල දීමක් නේද? මුදල් නිකන් දෙන්නේ නැතිව අවශ්‍ය බීජ සහ පොහොර නේද දෙන්න ඕනෑ...? අපේ භෝග වගාව නැති කරන්න ගේන උගුලක් නෙවෙයි කියලා විශ්වාසද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site