IMG-LOGO

බටහිර කැනඩා විශ්වවිද්‍යාලය සහ කොළඹ කොටස් හුවමාරුව ගිවිසුමක

කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ බටහිර කැනඩා විශ්වවිද්‍යාලය (UCW) එක්ව අන්‍යොන්‍ය සංවර්ධනය සඳහා වූ සහයෝගිතා ප්‍රයත්නය විධිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව නිවේදනය කළේය.

මෙම අවබෝධතා ගිවිසුම, විධායක පුහුණු අවස්ථාවල සහයෝගිතාව සහ අනාගත සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සංවිධාන දෙකේ පොදු අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා යෝජනා කර ඇත.

මෙම අවබෝධතා ගිවිසුම ව්‍යාපාර විශ්ලේෂණ, මූල්‍ය හා අවදානම් කළමනාකරණය යන අංශවල පුහුණුව හා නිපුණතා වර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට දායක වීමට නියමිතය. මූලිකව, සංවිධාන දෙක ඒකාබද්ධව UCW හි කීර්තිමත් පීඨය විසින් මෙහෙයවනු ලබන විධායක වැඩසටහනක් දියත් කරනු ඇත.

මෙම වැඩසටහන ඉලක්ක කරන්නේ මූල්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන් සහ ආයෝජන විශ්ලේෂණය සහ කළමනාකරණය, ගෝලීය මූල්‍ය ආයතන කළමනාකරණය සහ ව්‍යාපාර විශ්ලේෂණ වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදිය. මේ සඳහා සම්බන්ධවන්නන්ගේ ප්‍රවේශ වීමේ සුදුසුකම් සපුරාලන විට UCW මගින් ප්‍රදානය කරනු ලබන MBA පාඨමාලාව තෙක් ඉදිරියට යාමට මෙයට සහභාගිවන්නන් උනන්දු කරවනු ඇත.

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා මෙම ඉදිරි ගමන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

“මෙම අවබෝධතා ගිවිසුමෙන් UCW සමඟ විධිමත් සහයෝගිතා මාර්ගයක් ස්ථාපිත කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ අධ්‍යාපනය ප්‍රධානතම කාර්යභාරයක් ඉටු කළ යුතු යැයි අපි සලකන අතර CSE හි අධ්‍යයන කටයුතු ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා ප්‍රගතිශීලී සංවිධාන සමඟ සහයෝගිතාව වර්ධනය කරගැනීමට අපි උත්සාහ කරන්නෙමු. කොළඹ කොටස් හුවමාරුව UCW සමඟ ආකර්ෂණීය හා අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවක් බලාපොරොත්තු වන්නෙමු.”

 



අදහස් (3)

බටහිර කැනඩා විශ්වවිද්‍යාලය සහ කොළඹ කොටස් හුවමාරුව ගිවිසුමක

perera Friday, 10 September 2021 12:11 AM

මම හිතන්නේ එය නීත්‍යානුකූල එකක් නොවේ. එය පළමු වරට අසා ඇත. වැකෝවර් විශ්ව විද්‍යාලය/ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය/ ඇල්බර්ටා විශ්ව විද්‍යාලය වැනි මහජන අරමුදල් සහිත පිළිගත් විශ්ව විද්‍යාල සොයා ගන්න, CSE නොදන්නා ආයතනයක් සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ගැන පුදුමයට පත් වේ. BTW ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වලට වඩා උසස් ප්‍රමිතීන් ඇත.

:       1       1

perera Friday, 10 September 2021 01:10 AM

ලෝකයේ ඕනෑම තැනක ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හොඳින් පිළිගෙන ඇති බව මට කියන්නට අවශ්‍යයි. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් හොඳයි.

:       1       1

MO77 Sunday, 12 September 2021 08:50 PM

හොංකොං හි චීන කොටස් හුවමාරු කොමිෂන් සභාව සමඟ චීන කොටස් හුවමාරුව ගිවිසුම් අත්සන් කළ යුතුය. ආයෝජකයින් සම්බන්ධ කර ගැනීම සඳහා මෙය වැදගත් වේ. යූසීඩබ්ලිව් සමඟ ඇති මෙම ගිවිසුම ප්‍රයෝජනවත් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 567 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 999 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site