(ටී.කේ.ජී.කපිල )

මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර , අසර්බයිජානයේ දී අත් අඩංගුවට ගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර ඔස්සේ දිවයිනට  රැගෙන ආ බව පොලිසිය තහවුරු කරයි.

48 හැවිරිදි මොහු රාගම , බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මොහු දිගු කළක් ඩුබායි හි සැගවී සිටි මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී මෙසේ අත් අඩංගුවට පත් වී තිබුණි .

බටුවත්තේ චාමර තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම , ගනේමුල්ල සංජීව ඝාතනය සදහා අවිය ලබා දීම ඇතුළු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු බව පොලිසිය කියයි.

දිවයිනට   රැගෙන ආ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියේය .