IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බටලන්ද විවාදයට දින නියම කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින විවාදය අප්‍රේල් 10 වැනිදා ඇරැඹීමටට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රදවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය මේ අනුව පැවැත්වෙයි.

එම විවාදයේ දෙවැනි දිනය සඳහා  මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමට  තීරණය වී තිබේ.

 



අදහස් (5)

බටලන්ද විවාදයට දින නියම කරයි

කව්ද බෝයි Sunday, 16 March 2025 10:05 AM

ගෝනි බිල්ලන්, වදකාගාර, ටයර් සෑයවල්, කහ බළල්ලු, කලු කොටි, කොළ කොටි වැනි නිල නොවන රාජ්‍ය හමුදාවන් එවකට හරි ප්‍රසිද්දයි. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත එවකට බලයේ හිටපු දේශපාලකයින්, ශ්‍රී ලංකා එකේ කට්ටියවත් JVP ලේබල් එක ගහලා, ගෝනි බිල්ලගෙ පිහිටෙන් ටයර් සෑයවල්වලට යැව්වා. හැබැයි ශ්‍රී ලංකා කට්ටිය හැසිරෙන්නෙ ඒ ගැන හාන්කවිසියක් නොදන්නා ගානට. හිසට පරාල ඇන ගසා ත්‍රීමාවිතාන පැජරෝ එකෙන් ඇදගෙන යාම සහ අමානුෂික ඝාතනයට ඍජුව වගකිවයුතු ප්‍රාදේශීය දේශපාලකයා පසුකලක දියවන්නාවට ඇවිදින් පසුගිය රජය වෙනකම්ම රාජ්‍ය ඇමතිකම් දරලයි ගෙදරගියේ. කාටහරි අවශ්‍යනම් සම්පුර්ණ විස්තරේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් දැනගන්න පුළුවන්, මොකද එතුමා මේ සියළුම අපරාද, බරපතල මානව හිමිකම් කඩවීම් ගැන මුද්‍රිත-ලිඛිත සාක්ෂි හංගාගෙන, ජිනීවා අරං ගියපු හින්ද.

:       0       17

SunethSunday, 16 March 2025 11:59 AM

ජිනීවා අරගෙන යන්න පුළුවන් වුණාද? නැත්නම් එයාර්පෝට් එකේදි අහුවුණාද?....

:       0       3

SL Sunday, 16 March 2025 10:38 AM

JVP ඉල්ලලා කන්න යන්නේ 88 89 කාලේ අපි පොඩි ළමයි දෙගොල්ලන්ම කරපු දේ දැක්කා කරපු වැඩ වලට දෙගොල්ලන්ටම සමව දීලා ඉස්සරහට යනවා මිස එක් පාර්ශවයක් කොටු කරන්න යන එක සුබ දායක නැහැ... අඩුම ගානේ රුවන්ඩාවෙන් හරි ඉගෙන ගන්න...

:       9       1

කෞෂිSunday, 16 March 2025 07:28 PM

ඔයා කලබල වෙන්න එපා. ඒක ඒ අය බලාගනී. ඔයා ඔයාගේ හරි වැදගත් වැඩක් බලාගෙන ඉන්න.

:       2       5

prasanna Monday, 17 March 2025 10:41 AM

ඔය විවාදය සාධාරන එකක් වෙලා නීතිය ඉදිරියට ගෙනාවොත් .jvp සහ මාලිමාව යන පක්ෂ දෙකම තහනම් පක්ෂ බවට නැවතත් නම් කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site