
(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
වෙළෙද පොළේ නිසි මිළක් නොමැති වීම නිසා එම ගොවීහු අපහසුතා රැසකට මුහුණ පා සිටිති.
විශාල වශයෙන් මෙවර යළ යන්නයේ වගා ලී ආශ්‍රිතව ගොඩ බෝග ලෙස වට්ටක්කා, කැකිරි ,පිපිඤ්ඤා, කොමඩු ආදී බෝග විශාල වශයෙන් වගා කර තිබේ.
ගොවින් මේ දිනවල , එසේ වගාකළ වට්ටක්කා වගාවන්හි අස්වැන්න ගොවීන් අස්වැන්න නෙළීම ආරම්භ කර තිබුනද, ගොවීන් වගාකල වට්ටක්කා සදහා වෙළදපොලේ නිසි මිළක් නොමැති කමින් පඩිකාරමඩුව , අබ කොළණිය,නිකවැව හා ඒ අවට ගම්මානවල දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති.
වට්ටක්කා කිලෝවක් රුපියල් 60 ක් 80 අතර මුදලකට අලෙවි වීම කණගාටුදායක තත්ත්වයක් බව ගොවීහු පෙන්වා දෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවි නිෂ්පාදන රට පුරා බෙදී යන එකේ විශාල ගැටළුවක් තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න අතරමැදියන් විතරයි හම්බ කරගන්නේ. ගොවියාටත් නෑ. පාරිභෝගිකයාටත් නෑ. මේ ගැන. විද්‍යාත්මක පියවරක් ගත යුතුව තියෙනවා. මේ අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි...
වගාකළ බටානා වට්ටක්කා හෝ වෙනත් වගාවන් සහ වී ගොවිතැන පිළිබඳව JVP කණ්ඩායම් විපක්ෂයේ සිටියදී චෝදනා කරනු ලැබුවේත් ගොවීන් සමග උත්ඝෝෂණ කරනු ලැබුවේත්, පැවැති රජයන්ට එරෙහිව නිසා යලිත් උද්ඝෝෂණ මතු වුවහොත් අනුර සහ මාලිමා ආණ්ඩුව ගන්න තීරණය කුමක්ද? වගා කළ බටානා වට්ටක්කා හෝ වෙනත් වගාවන් සහ වී ගොවිතැන අස්වනු විකිණීමේදී ඇතිවන ගැටළු පිලිබදව පවතින රජයන් වගකිව යුතුද..?
80ට තොග මිලට ගන්න බටානා ගම්පහ සහ කොළඹ සිල්ලර මිල 300/= අතරමැදියා පාලනය කිරීමට ආණ්ඩු අසමත්... දේශීය අල සිල්ලර මිල 480/= ආනයනික අර්තාපල් සිල්ලර මිල 220/= ඉතින් දේශීය නිෂ්පාදන ගන්න කාටද සල්ලි තියෙන්නේ..? ලාභය අතරමැද වෙළෙන්දන්ට..
තවම මාලිමා රජයක් පත්ව නොමැති බව දැනගත යුතුය, මෙවන් ප්‍රශ්න වලට දිගුකාලීන විසඳුම් දිය යුතු බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. එකම වර්ගයේ බෝග වගා කර විශාල අස්වැන්නක් වෙළඳපොලට එක් කලවිට රජයට කෙටිකාලීන විසඳුමක් නැත. කලයුතු වන්නෙ අපනයනය හෝ වගාව සීමා කිරීම, නැත්නම් සීතාගාර වල කල්තබා ගැනීමයි. මේ සඳහා රජය ස්ථාවර වූ විට පියවර ගනු ඇත කිසිදු රජයකට එවන් සැලසුමක් තිබුනේ නැත. .
මේ එළවලු පිටරට විකුණන්නක්‍රමවේදයක් හදලා දෙන්න ඕනා .. ඉන්දියාවෙන් එන ඔය වට්ටක්ක වලට අද මැද පෙරදිග හොද ඉල්ලුමක් තියෙනවා..
පොහොසත් රටක්! ලස්සන ජිවිතයක් ! - ඔබේ අස්වැන්නට නියමිත වටිනාකමක් දෙන්න අපේ රජය බැඳිලා ඉන්නවා! - තඹුත්තේගම අනුර සහෝ ! මතකද දන්නෑ මීට මාසෙකට විතර කලින් කයියනායක කියපු කතා..!