IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


බෝට්ටුවක් පෙරළී 49 ක් මරුට

අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් අතුරුදන් වූහ. 

මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය කියයි. 

මුහුදේ ගිලී යද්දී බෝට්ටුවේ 260 කට ආසන්න පිරිසක් සිටියහ. ඔවුන් වාර්ගික සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් පණ බේරාගෙන ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් ආ වැසියන් බව තහවුරු වී ඇත. 

මෙම පිරිස, කිලෝ මීටර් 320 ක දුරක් පා ගමනින් පැමිණ, පසුව ඒඩන් බොක්ක හරහා බෝට්ටුවකින් යේමනයට යෑමට උත්සාහ ගෙන ඇතැයි අනාවරණය වී තිබේ. අනවසර සංක්‍රමණිකයන් පිරිස, උත්සාහ ගෙන ඇත්තේ යේමනයේ සිට සෞදියටත් සෙසු කලාපීය අරාබි රටවලටත් ඇතුළුවීමටය.

බෝට්ටුව මුහුදේ ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගැනීමට සමත් වී මුහුදේ පාවෙමින් සිටි 71 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂකයන් සමත් වුණු බවත් ඔවුන්ගෙන් අට දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි. 

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

බෝට්ටුවක් පෙරළී 49 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1680 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1414 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site