IMG-LOGO

බෝට්ටු හැදිල්ලෙන් සී-නෝර් පදනමේ කෝටි දෙකක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ)

සීමාසහිත සී-නෝර් පදනම නිෂ්පාදනය කළ ගිලන්රථ බෝට්ටුවක්,පාලම් පාරුවක් හා දැල් ආම්පන්න ගැනුම්කරුවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පදනමට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම යාත්‍රා සහ දැල් ආම්පන්න ගැණුම්කරුවන්ගේ ඉල්ලුම පදනම් කරගෙන 2015-2018 අතර කාලයේදී නිෂ්පාදනය ඇතැයි පැවසෙන්නේ කිසිඳු ගිවිසුමකට එළඹීමකින් තොරවය.

මෙම  ගිලන්රථ බෝට්ටුවේ  වටිනාකම රුපියල් ලක්ෂ 45කට වැඩි බව  ජාතික විගණන  කාර්යාලය පවසයි.

පාලම් පාරුව රුපියල් ලක්ෂ 87කට වැඩි වටිනාකමින් යුක්ත වන අතර දැල් ආම්පන්න වල වටිනාකම රුපියල් කෝටියකට වැඩි බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර පෞද්ගලික අංශය විසින් නිෂ්පාදනය කෙරුණු යාත්‍රා පහකට අදාළව උපදේශන ගාස්තු ලෙස රුපියල් හැටපන් ලක්ෂයක පමණ මුදලක් සීනෝර්  පදනමට ගෙවා තිබුණද 2019 නොවැම්බර් 30 වැනිදා දක්වා ඒ යාත්‍රා නිෂ්පාදනය කර බාරදීමට නිෂ්පාදකයා පෙළඹවීම සඳහා පදනම කටයුතු කර නොතිබූ බව  විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර දික්ඕවිට ධීවර වරාය ව්‍යාපෘතිය සඳහා පදනමේ ගොඩනැගිලි සහ භූමි පරිශ්‍රය භාවිතා කිරීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන්  ලැබිය යුතු රුපියල් ලක්ෂ තිස් පහකට වැඩි මුදලක් අය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන නොතිබුණු බවත්  පදනමේ සාමාන්‍යාධිකාරීවරයා  බඳවා ගැනීමේදී  බඳවා ගැනීම්   නිර්ණායකවලට අනුකූලව ලකුණු නොදීම නිසා සුදුසුකම් සහිත අයකු  වෙනුවට  සුදුසුකම් රහිත අයකු  පත්වී ඇති බවත් විගණන  අංශ පවසයි.

මේ අනුව ඒ නිලධාරියාට  2015 වර්ෂයේ සිට 2019 වර්ෂයේ  අගෝස්තු දක්වා රුපියල් ලක්ෂ 55 කට වැඩි වැටුප් සහ දීමනාද අර්ථසාධක අරමුදලේ  දායක මුදල් ලෙස රුපියල් ලක්ෂ 55 කට වැඩි මුදලක්ද  වැය කර ඇතැයි විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.



අදහස් (0)

බෝට්ටු හැදිල්ලෙන් සී-නෝර් පදනමේ කෝටි දෙකක් වතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 425 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site