(ඉන්දිකා රාමනායක)

මන්නාරම කලපුවේ මෝටර් බෝට්ටු සවාරියක දෙමින් සිටී දෙදෙනකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 21-27 වයස්වල දෙනකු බව පොලිසිය කියයි.

මෙම තරුණයන් දෙදෙනා තවත් පිරිසක් සමග ඊයේ (12) පස්වරුවේ මෝටර් බෝට්ටු සවාරියක නිරත වෙමින් සිටියදී ඔවුන් දෙදෙනා මුහුදට වැටී ඇති බව ද බවද පොලිසිය කියයි.

අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු මෙතෙක් හමු වී නොමැති අතර පොලිසිය නාවික හමුදාව මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.