
(ගයාන් සූරිය ආරච්චි)
ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරමින් සිටියදී තවත් බෝට්ටු දෙකකින් පැමිණි අට දෙනෙකු එම බෝට්ටුවේ එන්ජිම ඇතුළු ලක්ෂ දහඅටක දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි කළුවාන්චි කුඩි පොලිසිය කියයි.
සැකකරුවන් බෝට්ටු දෙකකින් පැමිණ වීදුරු බෝතල්, ගල් වලින් සහ යකඩ බට වලින් පහරදී පැමිණිලිකරුවන්ගේ බෝට්ටුවට ගොඩ වී ඇති බව පොලිසිය කියයි.
පසුව පැමිණිලිකරුවන්ගේ බෝට්ටුවේ තිබූ එන්ජිමක්, මාළු දැල් කොටස් දහයක්, gps උපකරණයක්, බැටරියක්, බෝට්ටු එන්ජින් ෆෑන් එකක්, විදුලි පන්දම් තුනක් සහ භූම් තෙල් ලීටර් අසූවක් කොල්ලකා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd